(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ආණ්ඩුවේ ආදායම වැඩිකර ගැනීමේ අවශ්‍යතාව  සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ලබන 21 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය.

පාර්ලිමේන්තුවේ අභිනවයෙන් ස්ථාපිත කිරීමට යෝජිත  “ජාතික සභාව” නමින් හදුන්වනු ලබන පාර්ලිමේන්තු කාරක සභාව පිළිබඳ යෝජනාව ලබන 20 වැනිදා  විවාදයට ගෙන  සම්මත කර ගැනීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.