(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකානු ඩොලර් බිලියන 4 කට ආසන්න ප්‍රමාණයක සහායක් ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන බවත් තවදුරටත් නව මූල්‍ය සහාය ශ්‍රී ලංකාවට ලබා දීමට ඉන්දියාව සැලසුම් නොකරන බවත් රොයිටර් පුවත් සේවය වාර් තා කළේය.
ආනයන සඳහා ගෙවීමට විදේශ විනිමය නොමැතිව ආර්ථික අර්බුදයෙන් පීඩා විඳිමින් සිටි ශ්‍රී ලංකාවට වැඩියෙන්ම සහාය වූ රට ඉන්දියාව බව රොයිටර් පුවත් සේවය පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් බිලියන 3.8 ක සහායක් මේ වන විට ලබා දී තිබෙන බවත් රටක් ලෙස සහාය තවදුරටත් නොකඩවා ලබාදීම කළ නොහැකි බවත් ඉන්දියානු රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය සඳහන් කළේය.
දැන් සියල්ල රඳා පවතින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදල මත බව එම ආරංචි මාර්ග පවසා තිබේ.
ඉන්දියාවේ මෙම තීරණය පුදුමයට කරුණක් නොවන බවත් මීට පෙර ඉන්දියාව මේ පිළිබඳ "සංඥාවක්" ලබා දී තිබූ බවත් ශ්‍රී ලංකා රජයේ ආරංචි මාර් ග ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය වාර් තා කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන යුද්ද නැව් මේක අස්සේ දාගෙන පිස්සු නටනකොට ඉන්දියාව ණය දෙන්නේ නැහැ. දැන් අපට තිබෙන එකම පිළිසරණ දෙසැම්බර් මාසේ ආරම්භ වෙන සංචාරක වාරය. තෙල් ගෑස් ප්‍රශ්නෙ පිලිවෙක් කරගෙන, අනවශ්‍ය දේශපාලන අර්බුද හදාගන්නේ නැතිව ඉදිරි මාස හතර පහ හිටියොත් විශාල සහනයක් අර්ථික වශයෙන් ඇතිකරගන්න පුළුවන්. රනිල් ප්‍රමුඛ මේ හොර රංචුව ආණ්ඩු කරන තුරු විදේශ ශ්‍රමිකය මුදල් එවන්නේනැහැ. ආයෝජකයො එන්නෙත් නැහැ.
කොටින්ම මේ අවුරුද්දේ මුල ඉඳලා අපිට ඉන්දියාවේ ණය නොතිබුණා නම්, අද අපිට කැඳත් නැහැ.
මතු බලාපොරොත්තු ඇතිව සැලකුවට බලාපොරොත්තු වුණු විදියට ඔප්පුවට අත්සන් ගන්න බැරි වෙන්න ඇති.