උස්බෙකිස්තානයේ සමර්කාන්ද් අගනුවර නුවර පැවැත්වෙන ෂැංග්හායි සහයෝගීතා සමුළුවට සහභාගී වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර හමුවක් පැවැත්විණි.
ෂැංග්හායි සහයෝගීතා සමුළුවට සහභාගී වීම සඳහා සමර්කාන්ද් බලා පැමිණි අවසන් රාජ්‍ය නායකයා වූයේ ද අග්‍රාමාත්‍ය මෝදිය. රුසියාව, චීනය, ඉන්දියාව, ඉරානය, පාකිස්තානය, කසක්ස්තානය, ටජිකිස්තානය, කිර්ගිස්තානය යන රටවල් සහභාගී වෙයි.
යුක්රේනය සම්බන්ධයෙන් අර්බුදයේ දී බටහිරට සහාය දැක්වූවත්, ඉන්දියාව රුසියාව සමඟ යහපත් සබඳතා පවත්වයි. සම්බාධක මැද වුවත්, ඉන්දියාව රුසියාවෙන් තෙල් මිලදී ගනී.
සමුළුවට සමගාමීව පැවැති හමුවේ දී රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කියා සිටියේ ලෝක සාමය සහ ආරක්ෂාව වෙනුවෙන් බටහිර රටවලින් එල්ල වන කෙණෙහිලිකම් මැද රුසියාව සහ චීනය අතර ශක්තිමත් මිතුදම් පැවැතීම ඉතා වැදගත් බවය.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවීමෙන් පසු අග්‍රාමාත්‍ය මෝදි සමුළුවට සහභාගී වුණු ඉරාන ජනාධිපති මොහොමද් රයිසි සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ හෝ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් හමුනොවනු ඇතැයි ද පැවැසිණි. ඉරාන ජනාධිපති රයිසි සමුළුවට සහභාගී වන්නේ විශේෂ ආරාධිතයකු ලෙසය.
(රොයිටර්)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඉන්දියාවත් රුසියාවත් අතර මිතුදම් අලුත් වෙයි
ලුම්බිණි Friday, 16 September 2022 04:28 PM
ඉන්දියාව කියන්නේ ප්‍රතිපත්තියක් නැති වැටඋඩ ඉන්න රටක්...
SanthuSaturday, 17 September 2022 11:56 AM
එයාල නොව අපිනේ වැට මායිමේ ඉන්නේ. ඉන්දියාව බලන්නෙ අද දවසේ හැටියට රුසියාවට ලංවෙලා තෙල් මිලදී ගන්න. රුසියාවත් බය නැතුව දෙනවා. ඉන්දියාව කොහොමත් හැම පැත්තකින්ම ඉන්නේ අපිට කිට්ටු වෙන්නවත් බැරි ඈතක... අපි කතාව දෝලාවෙන් වුණාට ගමන එතැනමයි...!
samaadiSaturday, 17 September 2022 04:15 PM
ඒකනේ අපේ අය ණයට කහින්න එහාටම යන්නේ..!
Kumar (Gulf) Saturday, 17 September 2022 02:17 AM
ආඬි හත්දෙනාගේ කැඳ හැළිය වගේ...