(ඉන්දිකා රාමනායක සහ ආර්.එෆ්.එම්.සුහෙල්)

නුවරඑළිය  ධර්මපාල පුර බ්ලැක්පූල් රුවන්එළිය ප්‍රදේශයේ නිවෙසක හරිතාගාරයකු තුළ විදේශ ප්‍රභේදයකට අයත් කුෂ් යන නාමයෙන් හදුන්වනු කංසා පැළ වගා කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

නුවරඑළිය පොලිස් විශේෂ කාර්ය බළකායට ලද තොරතුරක් මත නුවරඑළිය පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය එක්ව සිදුකළ  මෙහෙයුමකදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අඩි තුනත් පහත් අතර උසකට සරුවට වැඩුණු ගංජා පැල 71ක්  පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන ඇත ,

කිසිවකුටත් සැක නොසිතෙන පරිදි දීර්ඝ කාලයක් පුරාවට මෙම වගාව සිදුකරගෙන ගොස් ඇති බව නුවරඑළිය පොලිසිය විසින් සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත ,