(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
මැති ඇමැතිවරුන් ඇතුළු දේශපාලඥයන් තිස් දෙනකු සිය නිවාස සහ නිල නිවාසවලට ගත් ජලය වෙනුවෙන් ජල සම්පත් හා ජල පවහන මණ්ඩලයට රුපියල් කෝටියකට වැඩි මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි එම මණ්ඩලය පවසයි.
මැති ඇමැතිවරුන්ගේ මෙම හිඟ මුදල සම්බන්ධයෙන් ජල සම්පත් හා ජලපවහන මණ්ඩලය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට නිල වශයෙන් දැනුම් දුන්නේය.
කතානායකවරයාට මෙලෙස දැනුම් දුන්නේ එම මුදල අය කර ගැනීම සඳහා ඔහුගේ සහය ලබා ගැනීමේ අරමුණින් යුතුව බව මණ්ඩලයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
ලබාගත් ජලය වෙනුවෙන් බිල්පත් ගෙවීම පැහැර හැර සිටින මෙම කණ්ඩායමට විශ්‍රාමික සහ මියගිය දේශපාලඥයෝ පිරිසක්ද ඇතුළත් වෙති.
හිඟ බිල්පත් නොගෙවූ සියලුම දේශපාලනඥයන්ගේ ජල සැපයුම විසන්ධි කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව මණ්ඩලයේ ප්‍රධානීහු පවසති.
මේ අතර ඇමැතිවරුන් කිහිප දෙනෙකු පමණක් සිය හිඟ ජල බිල්පත් පසුගිය දිනවල ගෙවා දැමූ බව එම මණ්ඩල ආරංචිමාර්ග වලින් පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතාව දෝලාවෙන් ගමන පයින්. නිතර නිතර මෙම ප්‍රවෘත්තිය පළවුණත් නම්ගම් ඇතිව පලනොවෙන නිසා ජලබිල හිඟ මුදල අයකර ගත් බවක් පෙනෙන්න නැහැ.
මෙම නොගෙවූ බිල්පත් සඳහා පොලියක් සහ ප්‍රමාද ගාස්තු ගෙවීමේ හේතුවට යම් මුදලක් අයකර ගත යුතුයි.
අපි කොහොමද මේවා විශ්වාස කරන්නේ? ආණ්ඩුවෙන්ම මේවා ගෙවා දානවා වෙන්නත් බැරි නෑ.. ගෙව්වා කියලා අපි කොහොමද දැනගන්නේ..?