(යොහාන් භාසුර)
ඩීසල් නෞකා දෙකකට සහ බොරතෙල් නෞකාවකට මුදල් ගෙවීමට නොහැකි වීමෙන් ශ්‍රී ලංකා මුහුදු සීමාවේ නවතා ඇති බවත් එම නෞකා තුනට සම්පූර්ණ මුදල් ගෙවීමට සාකච්ඡා කරමින් සිටින බවත් බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියකු අද (15) පස්වරුවේ පැවසීය.
බොරතෙල් නෞකාව අගෝස්තු මස 23 වැනිදා කොළඹට ළගාවූ අතර ඩීසල් නෞකා දෙක මේ මස 4 සහ 7 යන දිනවල ශ්‍රී ලංකා මුහුදු සීමාවට ළගාවූ බව ද කී එම නිලධාරියා එක නෞකාවකට මුදල් අර්ධ වශයෙන් ගෙවා ඇති බව ද සඳහන් කළේය.
මෙම එක නෞකාවක ගුවන්යානා ඉන්ධන තොගයක් ද ඇති බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව බිත්තියට හේත්තු කරලා අහස උසට බඩු, විදුලි බිල, ජල බිල, ගෑස්, ඉන්ධන මිල වැඩි කරලත් ඕක ගෙවා ගන්න බැරිද? ආ අමතක වුණානේ.... අලුත් ගරු ඇමති ගොල්ලන්ට සැප දෙන්න ඒවා විදයම් වෙලානේ.
ඔය නැව්වලටත් QR කේතයක් හදලා දෙන්න තෙල් බාන්න. එතකොට පෝලිමේ ඉන්න ඕනෙ නැහැනේ.
නෙළුම් කුළුණ ආදායම දෙන්න බැරිද?