‘‘සර්ව පාක්ෂික ආණ්ඩුවකට අපේ සහාය‘‘ ජාතික ගැටලූව විසඳා ගැනීමට නම් සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිවීම අත්‍යවශ්‍ය බැවින් එවැනි ආණ්ඩුවකට තම පක්ෂය පුර්ණ සහයෝගය දෙන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතා පවසයි. 01 August 2022
ධීවරයන්ට අනතුරු ඇගවීමක් පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයන්හි නැවත දැනුම් දෙන තුරු ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කර ඇත. 01 August 2022
මුලතිව් ප්‍රා.ලේකම්ගේ වැසිකිළියෙන් ඉන්ධන මතු වේ මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැසිකිලියේ සහ ප්‍රාදේශීය ලේකම්වරයාගේ නේවාසිකාගාරයේ තිබී ඉන්ධන තොගයක් සොයාගත් බව මුලතිව් පොලිසිය කියයි. 01 August 2022
ලිට්රෝ ගෑස් මිල 5 වැනිදා අඩුවෙයි ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල මේ මස 5 වැනිදා අඩුකරන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී මුදිත පීරිස් මහතා පැවසීය. 01 August 2022
පාර්ලිමේන්තුවේ විශේෂ පෙරහුරුවක් හෙට පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයේ විශේෂ පෙරහුරුවක් හෙට පැවැත්වෙන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය. 01 August 2022
ධානිශ් අලී 15 තෙක් රිමාන්ඩ් රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී බලහත්කාරයෙන් කටයුතු කලැයි කියන සිද්ධියට අදාළ ව අධිකරණයට ඉදිරිපත් කළ සමාජ ක්‍රියාකාරී ධානිශ් අලී නැමැත්තා ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (01) නියෝග කළේය. 01 August 2022
වල් අලියා දිවි නසා ගන්නා වැඩක් කරයි හම්බන්තොට කටුවැව ප්‍රදේශයේ අධිබලති විදුලි කණුවකට පහර දුන් වල් අලියකු විදුලි සැරවැදී මිය ගොස් ඇතැයි වනජීවී නිළධාරීහු පවසති. 01 August 2022
ගෝඨාට එන්න සුදුසු කාලය මෙය නොවේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකාවට පැමිණීමට සුදුසු කාලය මෙය නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. 01 August 2022
මැතිසබා උත්සවයට මෙවර අඩු වියදම් තේ පාටියක් පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයෙන් අනතුරුව පැවැත්වෙන තේ පැන් සංග්‍රහය ඉතාම අඩු වියදමින් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු ප්‍රධානීන්ට උපදෙස්දී ඇත. 01 August 2022
‘‘පවතින අර්බුදයට මැති සබයෙන් විසැඳුම් සොයා ගත යුතුයි‘‘ සමගිව සාමකාමීව අනාගත පරපුර ගැන සිතා පවතින අර්බුදයට පාර්ලිමේන්තුව තුළින් විසඳුමක් සොයා ගන්නා ලෙස රාජ්‍ය නායකයන් ඇතුළු සියලුම දෙනාගෙන් ඉල්ලීමක් කරන බව සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු කරු ජයසූරිය මහතා පැවසීය. 01 August 2022
බොරතෙල් මිල පහතට ලෝක බොරතෙල් වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අද (01) දින පහත යාමක් දක්නට ලැබුණි. 01 August 2022
රට පනින්න ගිය 47ක් අල්ලයි නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 47 දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි 01 August 2022
ඉන්දියාවෙන් වඳුරු උණ මරණයක්? ‘වඳුරු උණ’ (මංකිපොක්ස්) රෝග ලක්ෂණ පෙන්නුම් කළ තරුණයකු මියගොස් ඇතැයි ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වේ. 01 August 2022
පාකිස්තාන පාර්ලිමේන්තුවේ කෑමවල කැරපොත්තෝ පාකිස්තාන පාර්ලිමේන්තුවේ භෝජනාගාර දෙකක් සීල් තැබීමට බලධාරීන් පියවර ගෙන තිබේ. ඒ, එම භෝජනාගාරවලින් ලබා ගත් ආහාරවල කැරපොත්තන් සිටිනවා යැයි මැති ඇමැතිවරුන්ගෙන් පැමිණිලි ලැබීමත් සමඟය. 01 August 2022
පක්ෂ පාට වලට බෙදුනොත් රට වලේ තව දුරටත් පක්ෂ පාට බලාගෙන දේශපාලනය කරනවා නම් රටට අනාගතයක් නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 01 August 2022
තංගල්ලේ අනතුරින් දෙකක් මරුට:පහක් රෝහලට තංගල්ල හේනකඩුව ප්‍රදේශයේදී මොටර් රථයක් පාරෙන් ඉවතට පැන නුග ගසක ගැටීමෙන් එහි ගමන්ගත් තරුණයන් දෙදෙනකු එම ස්ථනායේදී මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි බව තංගල්ල පොලීසිය පවසයි. 01 August 2022
ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ගාස්තු සියයට 30කින් ඉහළට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවා ගාස්තු ඉහළ දැමීමට තීරණය කර ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශය උසස් නිලධාරියෙක් පැවසීය. 01 August 2022
තවත් නාඳුනන මළ සිරුරුක් ගාලුමුවදොර වෙරළට ගොඩ ගසයි ගාලු මුවදොර මුහුදු වෙරළට ගොඩ ගසා තිබූ නාඳුනන පුද්ගලයකුගේ මළ සිරුරක් අද අළුයම හමුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය. 01 August 2022
පළාත් රැසකට තද වැසි සමඟ සුළං නිරිතදිග මෝසම් තත්වයේ සක්‍රීයවීමක් හේතුවෙන් දිවයිනේ නිරිත දිග කොටසේත්, බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත් පවතින වැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් අද (1) සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 01 August 2022
කේතය දිගේ ලක්ෂ 50ක් ඇවිත් ජාතික ඉන්ධන බලපත්‍රයේ කිව්.ආර්. කේතයෙන් ඉන්ධන ලබාගැනීමට ඊයේ (31) රාත්‍රී වන විට වාහන ලක්ෂ 50 ක් ලියාපදිංචි වී සිටි බවත් ඉන්ධන පිරවුම්හල් 1,140 ක් කිව්.ආර්. පද්ධතිය හරහා ඉන්ධන නිකුත් කිරීමට අනුගත වී සිටි බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය. 01 August 2022
ඉන්ධන අක්‍රමිකතා කළොත් කියන්න අංකයක් ජාතික ඉන්ධන බලපත්‍රයේ කිව්.ආර්. කේතයට පරිබාහිරව සිදුවන අක්‍රමිකතා ඡායාරූප සහ රූපරාමු ලෙස 0742123123 යන දුරකථන අංකයට උය්එි්චච හරහා යොමු කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 01 August 2022
අග්‍රාමාත්‍ය කාර්යාලය අසල මෝටර් රථයක් ගිනි ගනී කොළඹ 3 මල් පාරේ පිහිටි වෙළඳ සැලක් ඉදිරිපිට නවතා තිබූ මෝටර් රථයක් අද (31) පෙරවරුවේ හදිසි ගිනි ගැනීමකට ලක් විය. 31 July 2022
ගෙදරක් නැති මිනිහෙකුට ගෙදර යන්නැයි කීම කාලය නාස්ති කිරීමක් රනිල් ගෙදර යන්නැ යි කියා පෙළපාළි ගියාට තමාට යන්නට ගෙදරක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 31 July 2022
සිරිපාල ගැන සෙවූ කමිටු වාර්තාව ජනපති ලේකම්ට ජපානයේ තයිසේ සමාගමෙන් හිටපු අමාත්‍යවරයකු අල්ලසක් ඉල්ලූ බවට සමාජ මාධ්‍ය ජාලා ඇතුළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යයන්හි පළකර තිබූ වාර්තා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නට පත් කළ කමිටුවෙි වාර්තාව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට අද බාර දී තිබේ. 31 July 2022
ඉන්ධනහල් යුද හමුදා සහාය යළි පතයි ඉන්ධන පිරවුම්හල්වලින් ඉවත් කළ යුද හමුදා ආරක්ෂාව නැවත දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා අද (31) පස්වරුවේ පැවසීය. 31 July 2022
පැය 3 ක විදුලි කප්පාදුව තවත් දීර්ඝ වෙයි විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන සහ ජලය නොමැති වීම නිසා හෙට සහ අනිද්දා (1 සහ 2) දෙදින ද පැය 3 ක් විදුලි කප්පාදුවට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (31) පස්වරුවේ පැවසීය. 31 July 2022
කිව්.ආර්. කේතයට හෙට සිට වැඩ සමස්ත ශ්‍රී ලංකාවේ ඉන්ධන පිරවුම්හල්වල ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. කේතයට ඉන්ධන ලබාදීම හෙට (1) ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 31 July 2022
තෙල්මිල පොඩ්ඩක් පහළට ඉන්ධන මිල රුපියල් 50ත් 100ත් අතර සංඛ්‍යාවකින් යළිත් වරක් අඩු කෙරෙනු ඇතැයි ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග වලින් පැවසේ. 31 July 2022
ජනාධිපතිවරයා දිනාගත යුත්තේ ජනතා විශ්වාසයයි රාජ්‍ය පාලනයේදී ජනාධිපතිවරයා දිනාගත යුත්තේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගේ විශ්වාසය නොව ජනතා විශ්වාසය බවත්, සියලු පක්ෂ එක්කරගත් සර්ව පාක්ෂික වැඩපිළිවෙලකට යොමුවන්නේ නම් ඒ සඳහා ජනාධිපතිවරයාට සහය ලබාදෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 31 July 2022
ශ්‍රී ලංකාවේ ඉදිරි ආහාර අර්බුද ඩබ්ලිව්.එෆ්.පී පෙන්වයි මෙරටට මසකට ආහාර ආනයන සඳහා වැය කළ මුදල ඇමෙරිකන් ඩොලර් මිලියන 130 සිට ඇමෙරිකානු ඩොලර් මිලියන 50 දක්වා පහත වැටී ඇතැයි ලෝක ආහාර වැඩසටහනේ නවතම දත්ත වාර්තාව පෙන්වා දුන්නේය. 31 July 2022
වත්කම් බැරකම් නොදුන් අයට නිදහසට කරුණු කියන්න කාලයක් නියමිත දිනට වත්කම් සහ බැරකම් ප්‍රකාශ (වාර්ෂික හෝ පශ්චාත් විශ්‍රාම ප්‍රකාශ) ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් පරිපාලන දඩ මුදල් අය කර ගැනීමට පෙර හේතු දැක්වීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් අල්ලස්.. 09 September 2026