(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නාවලපිටිය නගරාධිපති අමල් ප්‍රියංකර මහතා ට මෙන්ම රියදුරුට තලංගම කොස්වත්ත හන්දිය අසලදී පහර දී පිස්තෝලය පැහැරගත් බව කියන ත්‍රී රෝද රථ රියදුරකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.
කොල්ල කන ලද පිස්තෝලය සැකකරු පදිංචි දකුණු තලංගම නිවසේ උඩු මහලේ සඟවා තිබී සොයාගෙන ඇත.
ඉකුත් මැයි නම වැනි දින නගරාධිපතිවරයා කැබ් රථයෙන් ගමන් කරමින් සිටියදී කැබ් රථය නවතා එයට මෙන්ම නගරාධිපතිවරයාට සහ රියදුරුට පහර දී ඔහු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ පහක මුදලක් සහ ගිනි අවිය කොල්ලකෑම සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29ක දකුණු තලංගම පදිංචි පුද්ගලයෙකි
අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
තලංගම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් ජයන්ත මහතාගේ උපදෙස් මත පර්යේෂණ පැවැත්වේ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිස්තෝලයක් ළඟ තියාගෙන ඉඳලා ඒක ගහලා අදුරාගන්නකන් බකන් නිලන් ඉඳලද වෙඩි තියන්නේ නැතිව?
නාවලපිටියේ නගරාධිපති කෙනෙක් සිටින පළාත් පාලන ආයතනයක් නැහැ. තියෙන්නේ සභාපති කෙනෙක් සිටින නගර සභාවක්... නගරාධිපති කෙනෙක් ඉන්න නම් මහනගර සභාවක් තියෙන්නම ඕනෑ.
බොලේ, දැන් ලංකාවත් ඉස්සර ටෙක්ස්සා වෙලා දැන් ටෙක්ස්සා ඉස්සර ලංකාව වෙලා. ක්ලිප් කරපු පිස්තෝල ගෙනයාම කැනඩාවේත් තහනම්... මේ ගොයියා පිස්තෝල අරන් ගියේ කොහොමද? මොකටද? ත්‍රීවීලර් කාරයා මේ ගොයියා ළඟ පිස්තෝල තිබෙන බව දන්නේ කොහොමද?
නගරාධිපති, නගර සභාවකුත් නැහැයිලු... ගිනි අවියක් අරන් නාවලපිටියේ ඉඳන් කොළඹ ආවේ ඇයි කියලා හොයන්න කවුරුවත් නැද්ද? මේ පරපුටු දේශපාලුවන්ගේ නරියන්ට ගිනි අවි අරන් සැරිසරන්න නීතියෙන් අවසර තියෙනවද? සී.අයි.ඩී. එකේ. පොලිසියේ. කවුරුවත් නැද්ද මේවා ගැන පරීක්ෂණ කරන්න...? රජ ගෙදර නාපු අයට අල්ලන්නද නීති තියෙන්නේ...?