
අඟහරු ගවේෂණය කරන නාසා ආයතනයේ 'පර්සිවියරන්ස්' රොබෝ යානයට අඟහරු මතුපිට ජීවටය පැවැති බවට සාක්ෂි හමුවී ඇත.
ඒ, වසර දහස් ගණනක් තිස්සේ සිඳී ගිය ඩෙල්ටාවක පස් පරීක්ෂා කරද්දී ක්ෂුද්‍රජීවීන් සිටි බවට තොරතුරු හමුවීමත් සමඟය. 'පර්සිවියරන්ස්' රොබෝ රෝවර් යානය අඟහරු මතුපිට ඇති දැවැන්ත ආවාටයක් පරීක්ෂා කරයි.
මෙම ආවාටය හැඳින්වෙන්නේ 'ජෙසෙරෝ' යනුවෙනි. 'පර්සිවියරන්ස්' රොබෝ රෝවර් යානය අඟහරු මතුපිටට ගොඩබෑවේ 2021 වසරේ දීය.
'පර්සිවියරන්ස්' රොබෝ රෝවර් යානයේ අරමුණ අද නිසරු තැනක් බවට පත් වුණු අඟහරු මතුපිට අතීතයේ ජීවය පැවැතියේ ද යන්න පිළිබඳ සාක්ෂි සෙවීමය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඟහරු යනවා කියලා ලෝකය රවටලා ෆොටෝ ගහලා තේරුමක් නෑ
හඳට ගියා වගේද දැන් නෑ
ධනවත් රටවල් මේ විදියට තමයි මාටියා ගහන්නේ. 1960 වර්ෂයේ ඉඳලම පිටසක්වල ජීවීන් ගැන කියවමින් බිලියන ගණන් ඩොලර් අතුරුදන් වෙනවා.. කරනවා. ඒත් අද වෙනකම් කිසිම හෝඩුවාවක් මේ ජීවින් ගැන නැහැ. ඒ අතින් බලකොට ඒ ගොල්ලොත් අපේ කපුවො වගේ. දැකපු දෙයියෙකුත් නැහැ. හිටපු පෙරේතයෙකුත් නැහැ. ඉන්න ගේ උකස් කරලා තමයි තොවිලය නටන්න කපුවට ගතමනාව ගෙව්වෙ.