IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


ලන්ඩන් විහාරාධිපති හිමියෝ චාල්ර්ස් රජුට ආශිර්වාද කරති

බ්‍රිතාන්‍ය සිටින විවිධ ආගම්වල, ආගමික නායකයන් පිළිගැනීමේ උත්සවයක් බැකිංහෑම් මාලිගයේදී ඉකුත් දා පැවැත්විණි.

ලන්ඩන් බෞද්ධ විහාරාධිපති බෝගොඩ සීලවිමල නාහිමියන් ඇතුළු විවිධ ආගමික නායකයෝ 30 දෙනෙක් පමණ මෙම අවස්ථාවට එක් වූහ.

තමා එක්සත් රාජධානියේ තුන්වන චාල්ර්ස් රජු වශයෙන්  මෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස බ්‍රිතාන්‍යයේ ආගමික විවිධත්වය සහ විශ්වාසයන් ආරක්ෂා කිරීම සිය පෞද්ගලික රාජකාරියක් ලෙස සිතන බව තුන්ව චාල්ර්ස් රජු පවසා ඇත.

තමා සාම්ප්‍රදායික ක්‍රිස්තියානුවකු බවත් ක්‍රිස්තියානුවනගේ ආගමික විශ්වාසයන් ආරක්ෂා කිරීමට බැඳී සිටින බව ද තුන්වන චාර්ල්ස් රජතුමා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.



අදහස් (12)

ලන්ඩන් විහාරාධිපති හිමියෝ චාල්ර්ස් රජුට ආශිර්වාද කරති

කරු Sunday, 18 September 2022 05:18 PM

හාමුදුරුවෝ අතට අත දීම තමා ප්‍රශ්නය.

:       70       23

උපාසක Sunday, 18 September 2022 09:01 PM

දන්නෙ නැද්ද වවුලගෙ මගුල් ගෙදර ගියාම එල්ලිලා ඉන්න වෙනවා කියලා .ඒක තමා මෙතන සිද්ධ වුනේ කියලා හිතන්න

:       0       13

BamunuarachchiMonday, 19 September 2022 07:08 AM

මොන පිටකයේද අතට අත දෙන්න එපා කියන්නේ? බෞද්ද සම්ප්‍රදායවල් හැමතකදීම යොදවන්න බැහැ. දේශේ හැටියට වාසේ කියන එක අමතකද? තව බොහොමයක් දේ කියන්න තිබෙනවා දැනට මේ ඇති.

:       5       17

බද්රානිMonday, 19 September 2022 07:34 PM

බමුණු ආරච්චි ඒ කියන්නේ, මෝඩයින්ගේ දේශයේ දාන සෙල්ලම් එංගලන්තයේ දාන්න බැහැ කියන එකද? අඩුතරමේ පිරිත් නුලක් දාන එකවත්.. අපි නම් කියන්නේ ලෝකයේ කොතැනකට ගියත් තමන්ගේ අනන්‍යතාවය රැකගෙන ඉන්න ඕනා. හැබැයි ඉතින්, අනෙකාට ගරු නොකර මහාශාක්‍ය ලීලාවෙන් වැජබෙමින්, ලංකාවේ (තම මව් රටේ) ජාතික ගීයටවත් සිට නොගන්නා අයට ඒ රටවල් වල ඒ සෙල්ලම් දාන්න බැහැ නේද? ලෝකෙටම පොදු ආචාර ධර්ම රැකගෙන සිටිනවා නම් ගැටළුවක් නැහැනේ. දලෙයි ලාමා තුමන්ව ලෝකයාම පිළිගන්නේ එතුමන් තුල තිබෙන නිහතමානී කම හා සැබෑ බුදු දහම ලෝකෙට දායාද කල නිසයි.

:       2       5

මෝMonday, 19 September 2022 08:37 AM

උඹට වෙන,ප්‍රශ්න ඇත්තෙම නැද්ද,කරූ??

:       2       12

TharinduMonday, 19 September 2022 08:48 AM

ඇයි කරු, එතකොට මොකක් හරි අඩු වෙනවද? ලංකාවේ මෝඩ සීන් ලෝකයා ඉදිරියේ දාන්න බෑ. අතට අත දුන්නොත් අත දෙන්න වෙනවා. මෙහෙ වගේ බුම්මන් වාඩි වෙලා ඉන්න බෑ. එහෙම අවශ්‍ය නම් එහේ යන්නේ නැතිව මෙහෙ ඉන්න ඕනේ.

:       1       12

UpulaMonday, 19 September 2022 01:11 PM

වව්ලගෙ ගෙදර ගියාම ඒල්ලිලා තමා ඉන්න වෙන්නෙ...

:       2       9

BakuraMonday, 19 September 2022 01:41 PM

දේසේ හැටියට වාසේ " කීවලුනේ......

:       1       12

HiraMonday, 19 September 2022 02:03 PM

කරු, හාමුදුරුවෝ ඒ රටේ තියෙන සම්ප්‍රදායට අනුව අත දෙන්නේ නැතිව මොනව කරන්නද කියන්නේ...!

:       2       11

ලුම්බිණි Monday, 19 September 2022 04:47 AM

හාමුදුරුවෝ අතට අත දීම ප්‍රශ්නයක් නොවේ. හාමුදුරුවන් චාර්ල්ස් රජුට දන නැමුවා නම් ප්‍රශ්නයක් වෙන්න තිබුන.

:       1       15

Bamunuarachchi Tuesday, 20 September 2022 06:51 AM

කරු ඉල්ලන් කෑවාද ඇදගෙන නෑවාද?

:       0       5

E m wijeyekoon Tuesday, 20 September 2022 08:16 PM

සුබපැතුම්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 399 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2176 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1652 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site