
දෙවැනි එලිසබත් රැජිනට අවසන් ගෞරව දැක්වීමට, ලන්ඩනයට ගිය චීන රාජ්‍ය තාන්ත්‍රිකයන් කණ්ඩායමට තහංචි පැනැවීමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය කටයුතු කිරීමත් සමඟ බ්‍රිතාන්‍ය සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික අර්බුදයක් නිර්මාණය විය.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතා නායිකා ලින්ඩ්සි හොයිල්ගේ මැදිහත් වීමෙන්, චීන රාජ්‍ය තාන්ත්‍රික කණ්ඩායමට විරෝධයක් එල්ල වූයේ, චීන රජය බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන්ට තහංචි සහ සම්බාධක පැනැවීමට පියවර ගෙන ඇති බැවිනි.
කෙසේ නමුත් දෙරට අතර, හටගත් අර්බුදය මේ වනවිට සමතයකට පත් වී ඇති බවත්, චීන උප ජනාධිපති වැංග් කිෂැං ට මහ රැජින අසලට ගොස් අවසන් ගෞරව දැක්වීමට ඉඩ ලැබෙනු ඇති බවත් බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගති ගුණ අතරින් අපි තාමත් වනන්තරේ
යකෝ මළගෙදර ගිහිල්ලත් මුන්ගේ ඝනකම බලන්න වෙලානේ
කුණුවෙලා යන කයෙනුත් ප්‍රශ්න ඇති කරගන්නවා. කවදා ජීවිතේ සැබෑව දකින්නද?
ශතවර්ෂ දෙකක් ලෝකයේ රටවල් මංකොල්ල කෑ අහංකාර, උද්දච්ච රජ පවුලක අවසානයට මෙසේ සනිටුහන් වන වගයි....
මනුස්සයා මැරුණට පස්සේ ඔය මවාගත්තු තානාන්තර මොකටද? මොනවා වුණත් එකයි. අපේ රටේ වුණත් ඉතිහාසය දැනුවත් නැද්ද මේ තරම් දඟලන්නේ?