උතුම් සම්බුදු තෙමඟුල අදයි සිද්ධාර්ථ කුමාරෝත්පත්තිය, බුද්ධත්වයට පත්වීම සහ පිරිනිවන් පෑම යන උතුම් සම්බුදු තෙමඟුල සිහි කෙරෙන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අද (15)ට යෙදී ඇත. 15 May 2022
විශේෂ ගණයේ රැදවියෝ 24 ක් සිල් සමාදම් වෙති බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රදවා සිටින විශේෂ ගණයේ රැදවියන් 24 දෙනකු වෙසක් පොහොය වෙනුවෙන් හෙට (15) දින සිල්සමාදන් වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා පැවසීය. 14 May 2022
ගෝඨා ගෝ ගම රකින වගකීම අගමැති රුවන්ට පවරයි ගෝඨා ගෝ ගම ඉදිරියටත් ආරක්ෂා කරන අතර එම ආරක්ෂා කිරීමෙි වැඩකටයුතු ඉදිරියට ගෙන යාම සඳහා හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පත් කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය 14 May 2022
මහින්දානන්දගේ කාර්යාලයට පහර දුන් හතරකට ඇප හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමට අයත් නාවලපිටිය නගර පිහිට පදනම් කාර්යාලයට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයන් සිව්දෙනකු රුපියල් ලක්ෂයක ශරිර ඇප මත මුදා හැරීමට නාවලපිටිය දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් නිලන්ත විමලවිර මහතා අද නියෝග කළේය. 14 May 2022
‘‘රනිල් අගමැතිකම නොගත්තා නම් රටම අමාරුවේ‘‘ රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධුරය බාර ගෙන ආර්ථිකය හැදීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ඉදිරිපත් කළේ නැතිනම් රටෙි සියලුම ජනතාවට දැඩි අසීරුතාවකට මුහුණදීමට සිදුවෙන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 14 May 2022
වැලිගම වෙඩි තැබීමක් දෙකක් රෝහලට වැලිගම පැලැන ප්‍රදේශයේ අද සවස සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුලත් කර ඇතැයි වැලිගම මුලස්ථාන පොලිසිය කියයි. 14 May 2022
ප්‍රසන්නගේ නිවෙසට ගිනි තැබූ 5ක් රිමාන්ඩ් අමාත්‍ය ප්‍රසන්න රණතුංග, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති කුමාර අරංගල්ල සහ මිනුවන්ගොඩ පාදේශීය සභා මන්ත්‍රී හසන්ත ලක්මාල් පෙරේරා යන අයවලුන් ගේ නිවෙස් ගිනිතබා දේපලවලට හානි කිරීමේ චෝදනා සම්බන්ධයෙන් ගම්පහ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අද (14) සවස අධිකරණයට ඉදිරිපත් කෙරුණු සැකකරුවන් 05 දෙනකු ලබන 18 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙසට ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් ඉන්ද්‍රානි අත්තනායක මහත්මිය නියම කළාය . 14 May 2022
මැති ඇමැතිවරු සුපිරි රථයෙන් පුංචි වාහනයට කොටුව ජනාධිපති මන්දිරයේ අද(14) දහවල් පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට එක්තරා මන්ත්‍රීවරයකු සුසුකි මරුටි වර්ගයේ මෝටර් රථයකින් පැමිණ සිටි බව වාර්තා වේ. 14 May 2022
රනිල්ගෙන් සජිත්ට ඇරයුමක් ලංකාව ආර්ථික සමාජීය සහ දේශපාලන වශයෙන් ස්ථාවර කිරීම සඳහා දරන සාමූහික ප්රයත්නයට සහය වීම ජාතික වගකීමක් ලෙස සලකා පක්ෂ බේද නොසලකා දායකවන ලෙස සමගි ජන බලවේගය ට ගෞරවයෙන් ආරාධනා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලිපියක් යවමින් සදහන් කරයි. 14 May 2022
දුමින්දගේ ගෙට ගිනි තිබ්බැයි සුපිරි ව්‍යාපාරිකයා මාට්ටු ශ්‍රීලංකා නිදහස් පක්ෂ ජතික සංවිධායක හා හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ අනුරාධපුර නිවෙසට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු ඇතුළු හතර දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. 14 May 2022
දේපල විනාශයට පියවර නොගත්තැයි පොලිස්පතිට දොස් රටපුරා පසුගියදා ඇතිවූ ගෙවල් ගිනි තැබීම හා දේපල විනාශ කිරීම් පාලනය කිරීම සදහා ක්‍රියාත්මක නොවූ බව කියමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් පොලිසියට දැඩි විවේචනයක් එල්ල කර ඇත. 14 May 2022
උන්හිටි තැන් අහිමි මැතිඇමතිවරුන්ට තලවතුගොඩින් නිවාස ප්රචණ්ඩ ක්‍රියා හේතුවෙන් උන්හිටිතැන් අහිමිවු මැතිඇමතිවරුන්ට නාගරික සංවර්ධන අධිකාරියේ තලවතුගොඩ නිවාස සංකීර්ණයෙන් නිවාස තාවකාලිකව ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස්දී ඇත. 14 May 2022
දැඩි සුළඟින් පිටකොටුව තොරණ ඇළ වෙයි වෙසක් පොහොය නිමිත්තෙන් පිටකොටුවේ බෝගහ අසල ඉදි කරමින් තිබූ තොරණ අද දහවල් හැමූ තද සුළඟි කඩා වැටී ඇතැයි පිටකොටුව පොලීසිය කියයි. 14 May 2022
ඇමැතිලා හතරක් දිවුරති නව කැබිනට් ඇමැතිවරු සිවු දෙදෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපකෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. 14 May 2022
නව ආණ්ඩුවට පොදුජන පෙරමුණේ සහාය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ ක්‍රියාත්මක වන නව රජයට සහාය දිමට පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම අද තීරණය කළේය. 14 May 2022
පවුලක බලය රකින ආණ්ඩුවක ඉන්නවාට වඩා ගෙදර යෑම සැපයි පවුලක බලය රැක දීමට හෝ බලයට කෑදරවුන් පිනවීමට හදන ආණ්ඩුවක තනතුරු ලබා ගැනීමට වඩා ගෙදර යෑම සැප යැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය. 14 May 2022
රටම ගිනි තැබූ සමාජ මාධ්‍ය ජලා 92ක් හඳුනා ගැනෙයි ගාලුමුවදොර සහ කොල්ලුපිටිය ප්‍රදේශවල මෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශවල පසුගිය 9 වැනි දින සිදු වූ ප්රචණ්ඩ ක්‍රියා සහ අපරාධ සඳහා සමාජ මාධ්‍ය ජාල භාවිතා කරමින් යම් පිරිස් එම සිද්ධීන් සඳහා කැඳවු සමාජ මාධ්‍ය ජාලා පරිපාලකවරුන් 92 කු අද වන විට හඳුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි. 14 May 2022
ගෑස් ඉල්ලා අදත් තැන තැන විරෝධතා රට තුළ පවතින දැඩි ගෑස් හිඟය හේතුවෙන් අද (14) දින ද ජනතාව ප්‍රදේශ රැසක ගෑස් ඉල්ලා විරෝධතාවයේ නිරත වූහ. 14 May 2022
ඩීසල් නැවක් 17 එයි ඩීසල් රැගත් නෞකාවක් ලබන 17 වැනිදා ශ්‍රී ලංකාවට ළඟා ළඟාවීමට නියමිත බව බලශක්ති අමාත්‍යාංශය උසස් නිලධාරියකු පැවැසීය. 14 May 2022
රටේ අර්බුදය විසඳීමට රනිල්ට සහය දෙනවා රටේ අර්බුදය විසඳීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලිකත්වයෙන් පත් කෙරෙන නව රජයට සහාය පළ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය . 14 May 2022
ඉන්ධන නැතුව විදුලි බලාගාර 8 ක් ඇනහිටී ඉන්ධන නොමැතිවීමෙන් තාප විදුලි බලාගාර 8 ක් සම්පූර්ණයෙන්ම අක්‍රීය වී ඇතැයි විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 14 May 2022
මැති ඇමැති දේපළ හානියෙන් කෝටි 2000කට වැඩි පාඩුවක් ප්‍රචණ්ඩකාරී මැති ඇමැතිවරුන් ඇතුළු දේශපාලඥයන්ගේ නිවාසවලට සහ වාහනවලට ගිනි තැබීම ඇතුළු දේපළ හානි කිරීම් නිසා රුපියල් කෝටි දෙදහසකට වැඩි පාඩුවක් සිදුවී ඇතැයි පොලිස් ආරංචිමාර්ගවලින් පැවැසේ. 14 May 2022
ජනපති - පොහොට්ටු මන්ත්‍රී රැස්වීම උණුසුම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් අතර විශේෂ රැස්වීම මේ වන විට ආරම්භ වී අතර එය දැඩි උණුසුම් වී ඇතැයි දැන ගන්නට ඇත. 14 May 2022
’’අපි නව ආණ්ඩුවේ ඇමැතිධුර ගන්නේ නෑ’’ නව ආණ්ඩුවේ ඇමති ධුර බාර ගැනීමට සමගි ජන බලවේගය පක්ෂය සූදානම් නැති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලංකාදීපයට පැවැසීය. 14 May 2022
දිවයිනපුරා පෝලිම් ඇත තෙල් නැත දිවයිනපුරා ඉන්ධනහල් ඉදිරිපිට දිගු පොලිම් දක්නට ඇතැයි අප වාර්තා කරුවෝ පවසති. 14 May 2022
නවසීලන්තයෙන් ඩොලර් 500,000 ප්‍රධානයක් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික අර්බුදය හේතුවෙන් අවදානමට ලක්ව සිටින දරුවන් පෝෂණය කිරීමට සහ ගැටළුවලට මුහුණ දී සිටින ගොවියන්ට සහාය වීම සඳහා නවසීලන්ත ඩොලර් 500,000 මුදලක් ප්රදානය කරන බව නවසීලන්ත විදේශ අමාත්‍යවරිය වන නනයියා මහුටා මහත්මිය ප්‍රකාශ කළාය. 14 May 2022
අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීම තුනක් පාර්ලිමේන්තුවේ දී ලබන 17 වැනිදා අඟහරුවාදා ඡන්ද විමසීම් තුනක් පැවැත්වෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග වලින් පැවසේ. 14 May 2022
ශ්‍රීපා වන්දනා සමය 17 වැනිදායින් අවසන් ශ්‍රි පාද වන්දනා වාරය මෙම 17 වැනි දායින් අවසන් බව ශ්‍රී පාදස්ථානාධිපති පැල්මඩුල්ල රජමහා විහාරාධිපති, සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක, ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න හිමියෝ පැවැසූහ. 14 May 2022
යළ කන්නයට අවශ්‍ය යූරියා ඉන්දියාවෙන් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් බිලියන 1 ක ණය පහසුකම යටතේ යළ කන්නයට අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65000 ක ප්‍රමාණයක් ලබා දීට ඉන්දීය රජය තීරණය කර ඇත. 14 May 2022
වගාවට වතුර දෙන්නත් පොලිස් ආරක්ෂාව පොලිස් ආරක්ෂාව මධ්‍යයේ මෙවර යල කන්නය සදහා කවුඩුලුවැව ජලාශයෙන් ජලය නිකුත් කිරීමට කවුඩුලුවැව ප්‍රධාන ඉන්ජිනේරුවරයා කටයුතු කළේය. 14 May 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026