(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මූල්‍ය කටයුතු අධීක්ෂණය සඳහා නව අයවැය කාර්යාලක් සහ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අලුත් කමිටු තුනක් පාර්ලිමේන්තුවේ අලුතින් පිහිටුවීමට පියවර ගන්නා බව එහි මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය
ඔහු මෙසේ පැවසුවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් සංවිධානය කෙරුණු වැඩසටහනකදීය.
පාර්ලිමේන්තුවේදී පැවති මෙම වැඩමුළුව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය සමග එක්ව සංවිධාන කළේය.
ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනය අනුග්‍රහය ඊට අනුග්‍රහය දැක්වීය.
“ප්‍රජාතන්ත්‍රවාදය සහ තරුණ ප්‍රජාවගේ භූමිකාව” යන මැයින් සංවිධානය කෙරුණු මෙම වැඩසටහනට දිවයිනේ සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පැමිණි තරුණ සමාජ ක්‍රියාකාරීහූ පිරිසක් සහභාගී වූහ.
ලොව දියුණු ප්‍රජාතාන්ත්‍රික රටවල මෙන්, ක්‍රම සහ විධි පිළිබද කාරක සභාව, බැංකු සහ මූල්‍ය කටයුතු පිළිබද කාරක සභාව, ආර්ථික ස්ථායිකරණය පිළිබද කාරක සභාව නමින් නව කාරක සභා තුනක් අලුතින් පිහිටුවීම ඇතුළු පාර්ලිමේන්තුව තවදුරටත් ශක්තිමත් කිරීම සදහා ගනු ලබන පියවර පිළිබදවද මහලේකම්වරයා මෙහිදී කරුණු පැහැදිළි කළේය.
පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී සහ නියෝජ්‍ය මහලේකම් කුෂාණි රෝහණදීර, වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු, පාර්ලිමේන්තුවේ පරිපාලන අධ්‍යක්ෂ ජී. තච්චනරාණි, ප්‍රධාන හැන්සාඩ් සංස්කාරක නයනි ලොකුකොඩිකාර, ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ සහ සන්නිවේදන අධ්‍යක්ෂ (වැඩබලන) ජනකාන්ත සිල්වා, තොරතුරු පද්ධති සහ කළමනාකරණ අධ්‍යක්ෂ මහේෂ් පෙරේරා සහ ප්‍රධාන පර්යේෂණ නිලධාරී අයේෂා ගොඩගම යන මහත්ම මහත්මීහු මෙහි සම්පත් දායකයන් ලෙස කටයුතු කළහ.
ප්‍රජාතන්ත්‍රවාදය සහ තරුණ ප්‍රජාවගේ භූමිකාව, නීති සම්පාදනය ඇතුළු පාර්ලිමේන්තු කටයුතු, ස්ථාවර නියෝග, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ කාර්යභාරය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ තරුණ තරුණියන් දැනුවත් කිරීමේ වැඩසටහන් සිංහල සහ දමිළ භාෂාවන්ගෙන් පැවැත්විණ.
ඊට අමතරව මෙම තරුණ තරුණියන් වෙනුවෙන් පාර්ලිමේන්තු පරිශ්‍රයේ විශේෂ නැරඹුම් චාරිකාවක්ද සංවිධානය කර තිබිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd