(ඩයනා උදයංගනී)
අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව සහ වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය එක්ව සංවිධානය කරන ‘මර්දනයට එරෙහි විරෝධතා රැලිය’ කොළඹ හයිඩ් පිටියේ දී මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය.
මෙම රැලිය පැවැත්වෙන හයිඩ් පිටිය අවට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක් යොදවා ඇති අතර, ඒ අවට ජල ප්‍රහාරක බවුසර, පොලිස් කැරලි මර්දන අංශ යොදවා තිබෙනු දක්නට ලැබේ.
විශ්ව විද්‍යාල සිසුන්, වෘත්තීය සමිති නියෝජිතයන් මෙම අවස්ථාවට එක්ව සිටිති.
සමඟි ජන බලවේගය නියෝජනය කරමින් පාර් ලිමේන්කු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, නිදහස ජාතික සභාව නියෝජනය කරමින් පාර් ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර, ජාතික ජනබලවේගය නියෝජනය කරමින් නලින්ද ජයතිස්ස, පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් පුබුදු ජයගොඩ, 43 වන සේනාංකය නියෝජනය කරමින් තීක්ෂණ ගම්මන්පිල යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජල ප්‍රහාර අවශ්‍ය නැත. ගන්න දෙකේ දෙකේ පොලු ටිකක් අතට...
අරගලයට ජයෙන් ජයම වේවා...!
කරුණාකර ඉක්මණින්ම නැවැත්විය යුතුයි. අනාගත සැලසුම්, ක්‍රමවත් නායකත්වයක් නොමැති අපට කිසිඳු අරගලයක් අවශ්‍ය නැහැ.
අපි කුරුඳු පොලු ලැහැස්ති කර ගමු. ඔය ලැහැස්ති වෙන්නේ සිරි නරඹන්න. පරණ ටයර් අපි සපයන්නම්...