(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ නව විදේශ තානාපතිවරු දෙදෙනෙක් අද (16) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්ත පත්‍ර බාර දුන්හ.

නෙදර්ලන්තය සහ සෞදි රාජ්‍යය වෙනුවෙන් මෙලෙස නව තානාපතිවරුන් පත්ව සිටින අතර ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපතිවරයා ලෙස බොනි ඔර්බක් මහත්මිය  (Bonnie  Horbach) සහ ශ්‍රී ලංකාවේ සෞදි තානාපතිවරයා ලෙස කහලිඩ් හමුඩ් නසර් අල්ඩසාන් අල්කහ්තානි (Kahalid Hamoud Nasser Aldasan Alkahtani) මහතා පත්ව සිටිති.