(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධුරය සඳහා එම පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පත්කිරීමට යෝජනාවී ඇතැයි ඒ පක්ෂ ආරංචිමාර්ගවලින් පැවසේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති ධූරය දැනට හොබවනු ලබන්නේ මහාචාර්ය ජී එල් පීරිස් මහතාය. පීරිස් මහතා මේවනවිට විපක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන හෙයින් ඔහු පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත් කර තවත් මහාචාර්යවරයකුම එම තනතුරට පත් කිරීම සුදුසු බවට පක්ෂයේ බොහෝ දෙනාගේ අදහසවී ඇත.
එසේම මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව) සභාපති ධූරය සඳහාද යෝජනාවී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
බණ්ඩාර මහතා පාර්ලිමේන්තු කමිටු රැසක සාමාජිකයකු ලෙසද දැනට කටයුතු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ ඉන්න මහාචාර්ය කියන තනතුර දරණ පුද්ගලයන්ගේ අභ්‍යන්තර මුග්ධ භාවය මෙයින් කදිමට පෙන්වනවා. හිටපු කෙනා ඒක ඉතා ඉහලින් ප්‍රදර්ශනය කරලා පැත්තකට වුනා. පොහොට්ටුවෝ මුන්ව හොඳට නටවනවා.
පොහොට්ටුවේ නොම්මර එකේ බත් බැලයෙක්...
නමට මහාචාර්යවරු. කරපු කිසිම දෙයක් නැහැ...
ආර්ථික විද්‍යා මහාචාර්ය, කෘෂි විද්‍යා ඔස්තාර්, හැබැයි මෙයාලගේ ආණ්ඩුවේ අනුග්‍රහයෙන් රටේ ආර්ථිකයත් බංකොළොත්.. කෘෂිකර්ම ක්ෂේත්‍රයත් විනාශයි.
හොඳට රෙදි සෝදන්න නම් පුළුවනි.
ලැජ්ජා නැතිව තාමත් මේ පක්ෂයට නිලධාරීන් යනවාද?