(ලක්ෂ්මී ජයකොඩි)
ශ්‍රී ලංකාවේ තිරසාර සාමයක් හා නිදහසක් ස්ථාපිත වන්නේ ජාතික ගැටලුවට ස්වයං තීරණ අයිතිය සහිත විසඳුමක් ලබාදීම තුළින් පමණක් බව උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රි කේ. සිවාජීලිංගම් මහතා පැවසීය.
කවර පීඩාකාරී තත්ත්වයක් උද්ගත වුවත් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ජාතික ගැටලුවට විසඳුමක් වශයෙන් පිළි ගැනීමට දෙමළ ජනතාවට සුදානම් නැහැ. ශ්‍රී ලංකාවේ සිදුවු බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර හමුවේ යුක්තිය ඉටු කර ගැනීමට ඉන්දියාව අපට සහයෝගය ලබා දිය යුතුයි.
ජාතික ගැටලුවට ස්වය තීරණ අයිතිය සහිත දේශපාලන විසඳුමක් ලබාදීම ශ්‍රී ලංකාවේ තිරසාර සාමයත් නිදහසත් ස්ථාපිත කිරීමට ඇති එකම මාර්ගය බව පෙන්වා දිය යුතුයි. එසේ නොමැතිව වෙනත් මාර්ග වල ගමන් කිරීම කළ නොහැකියි.
ශ්‍රි ලංකාවේ ජීවත් වන දෙමළ ජනතාවගේ දේශපාලන විසඳුම වෙනුවෙන් සහයෝගය ලබා දෙන මෙන් ඉන්දියාවේ ජීවත් වන කෝටි 08 ක් වන දෙමළ ජනතාවගෙන් ඉතා නිහතමානීව ඉල්ලා සිටිනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතික ගැටළුව තමුන්ලාට විතරක් නෙවෙයි.., අපිටත් තියෙනවා. මේ රටින් යන්න. පුළුවන් නම් අපිවත් එක්කන් යන්න. මේකෙ තව බලන් ඉඳලා වැඩක් නැහැ.
මෙයාලට විතරක් අමුතුවෙන් තියෙන ගැටළුව තමයි සාමාන්‍ය සියලු වරප්‍රසාද තියාගෙන වෙනම කෑල්ලක් ඉල්ලන එක...
ඔයාට පාන් ගෙඩියක් එපාද?
වාසල, ප්‍රභාකරන් හිටියා නම් හොඳයි කියලා හිතෙන. ඔහුට තිබුණු හික්මීමක්...!
හලෝ ස්වයං තීරණ ගත්තු හාදයාට අපි අමුඩ ගස්සලයි පරලොව යැව්වේ... ඔහේව නිර්වස්ත්‍ර කරලා යවන්න වේවි.
Yako, Do Tamilnadu people have that self determination. Tamils mother land?