
(අංජුල මහික වීරරත්න)
දෙවෙනි එළිසබෙත් මහරැජිනියගේ අවමංගල්‍යයට සහභාගී වන රාජ්‍ය නායකයන් අතර ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බ්‍රිතාන්‍ය ඉතිහාස පොතට එක්වීමේ සුවිශේෂි අවස්ථාවක් උදා වෙයි.
එළිසෙබෙත් මහ රැජිනගේ රාජාභිෂේකයට සහභාගී වූ මාපියන්ගේ යුවළකගේ දරුවකු වන රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවෙි රාජ්‍ය නායකයා ලෙස එලිසබෙත් මහරාජිනියගේ රාජකීය අවමංගල්‍යයට සහභාගීවීම සඳහා ඉරිදා (18) දින ලන්ඩන් නුවරට පැමිණිමත් සමඟ රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍ය ඉතිහාසය පොතට එක් වනු ඇත.
මීට සමාන ඉතිහාස කතාවක් ඇති රජ පවුලේ සාමාජිකාවක් ලෙස නෙදර්ලන්ත හිටපු රැජිනිය වන බිට්‍රික්ස් කුමරිය වාර්තා වෙි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාපියන් වන එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා සහ නාලනී වික්‍රමසිංහ මහත්මිය 1952 පෙබරවාරි මාසයේ පැවැති එලිසබත් මහාරැජිනියගේ කිරුළ පැලදීමේ රාජාභිෂේක උත්සවයට සහභාගී වූවේ අගමැති ඩඩ්ලි සේනානායක මහතා සමගිනි.
එසේම බිට්‍රික්ස් කුමරියගේ මාපියන් ද රාජකීයන් ලෙස රාජාභිෂේකයට සහභාගී වී තිබේ. ලෝක ඉතිහාසයේ රජ පවුලෙන් පරිබාහිරව මෙවැනි අවස්ථාවක් හිමි වූ ප්‍රථමයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතිහාස පොතට එක් වන්නේය.
මහරැජිනියගේ රාජාභිෂේකයේදී එවක ලංකාවෙි අගමැති ඩඩ්ලි සේනානායක මහතාට වූ සුවිශේෂි සිදුවීමක කතාවක් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා සිය කාර්ය මණ්ඩලය හමුවේ ප්‍රකාශ කළේය. එය මෙසේය.
එවකට ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවැති ඩොමීනියන් රාජ්‍යයකි. රාජාභිෂේක මංගල්‍යයට ගිය පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායකයන් අතරින් ඉන්දීය අගමැති ජවහල්ලා නේරුට හා පකිස්ථාන රාජ්‍ය නායකයාට තනි තනිව ගමන් කිරීමට අශ්වාරෝහක රථ පිළියල කර තිබුනි. එහෙත් ඩඩ්ලි සේනානායක අගමැතිවරයාට ගමන් කිරීමට වෙන් කර තිබුණේ ටොංගෝ රාජ්‍යයේ අගමැතිනිය සමඟය.
මෙය නොරිස්සු අගමැති ඩඩ්ලි උස කාන්තාවක් වූ ටෝංගෝ රාජ්‍ය නායිකාව සමඟ ගමන් කිරීම ප්‍රතික්ෂේප කළේය. පසුව මෙම ගැටළුව විසඳීමට මැදිහත් වූවේ එස්මන්ඩ් වික්‍රමසිංහ මහතාය. ඔහු මැදිහත්ව මේ ප්‍රශ්නය විසදා ඩඩ්ලි සේනානායක අගමැතිවරයාට ද තනිව ගමන් කිරීමට අශ්ව කරත්තයක් වෙන් කර ගෙන තිබුනි.
එම ඉතිහාසය නැවත ලියවෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර මහරැජිනියගේ රාජකීය අවමංග්‍යයට ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීමට ලන්ඩනය බලා පිටත්ව ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුරේ... රටම ගොඩයන නිවුස් එකක්. මේවද අපි බලාපොරොත්තු වෙන්නේ. ජනතාවට වැදගත් දෙයක් කරුණාකරලා දානවද?
වාසනාව කියන එක කොහේ හිටියත් වෙලාවට පල දෙනව. මම හිතන්නේ රනිල් තමයි වාසනාවන්තම නායකයා. මේ මනුස්සයට කොච්චර කතා කිව්වද? අන්තිමට ඒ කතා කියපු මිනිස්සු මේ මනුස්සයටම රටේ ඉහළම පූජාව කරා. ඒ මදිවට ලෝකෙම වහ රැජින කතා පොතටත් නම දාගන්න පුළුවන් වුණා. වාසනාව ගැන මිට වඩා උදාහරණයක් වර්තමානයේ නැහැ.
අනේ මන්ද මේ තියන ප්‍රශ්නත් එක්ක මොන වර්තාද?
මොකක්ද ඕකේ තියන විශේෂත්වය. මට නං තේරෙන්නේ නැහැ , වහල් මානසිකත්වය කියල තමයි මට නං තේරෙන්නේ .
එතුමා මෙවර ලංකාවෙ නායකත්වයට පත්වූයේත් ලෝක ඉතිහාසයේ පළමු වරට සිදු වූ දෙයක් ලෙස විය හැක. අන්ත පරාජයකින් ගෙදරම ගිය නායකයෙක් ඉතා කෙටි කලකින් නැවත විධායක ජනාධිපති වී සිටින කාලයක බ්‍රිතාන්‍ය රැජිනද අභවප්රාර්ත විය. රටේ නායකයා ලෙස අවමඟුලට සහභාගි වීමට එතුමාට හැකි විය. දෛවෝපගත සිදුවීම් ජාලයකි.
ගොඩක් හොඳයි...!
රනිල් ලංකාවේ ඉතිහාස පොතටත් එකතු වුණා... කිසිම ජනවරමක් නැතුව පින් ජනාධිපති වුණා කියලා...!
බංකොලොත් රාජ්‍යයකින් අවමඟුලට සහභාගීවෙන එකම නායාකයා විදියටද ඉතිහාස ගත වෙන්නේ?
රනිල් බ්‍රිතාන්‍ය ඉතිහාස පොතට එක් වෙන්නේ පිනට පත් වූ එකම රාජ්‍ය නායකයා ලෙසයි.
මෙකනම්. ලොකු දෙයක්. එතුමන්ට. නමුත් රටනම් වලපල්ලට. බන්දුල ඇමතිත් සම්මානයක් ගෙනාවා. ඒකයි ගෝටා රටෙන් පැනලා ගිහින් නැවත ආපුඑකත් ඉතිහාස ගත කරන්න.
Ranil Wickramasinghe can go anywhere with his own funds but state funds as he is not a people-voted President.
ඇයි 30 වතාවක් චන්දය පරාජය වීම ඉතිහාස පොතට එක්වන්නේ නැද්ද? ඉතිහාස පොතට පමණක් නොවෙයි ගිනස් පොතටත් එක්වෙලා ඇති. ඒ විතරක්ද එකම මන්ත්‍රී ආසනයක් වත් දිනාගන්නේ නැතුව මැට්ටන්ගේ රටේ ජනාධිපති වීම. මැට්ටන් වසන රට කපටියෙක් උනොත් රජ.
රනිල් වික්‍රමසිංහ නමින් කීප වරක්ම අගමැතිකම් දරා අවසානයේ තම පක්ෂය බින්දුවටම දක්කා පසුව යන්තම් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඇතුලු වී ජනතා අරගලයකට මුවාවී එම ආණ්ඩුවේම රනිල් රාජපක්ෂ නමින් ජනාධිපතිවරයා ලෙස කිසිම ජනතා වරමකින් තොරව දිවුරුම් දීම පළමුවැනි රෙකෝඩ් එක, දෙක මේක...!
ශ්‍රි ලංකා ඉතිහාස පොතේ නම් මෙතුමාගේ නම හැම තැනම ලියවිලා ඇති. මර්ධනයට, දුශණයට තරුණ අය අතුරුදහන් කීරිමට, ප්‍රජාතන්ත්‍රවාදය නියමටම රැකීම යනාදි කිවු නොකි සියලුම දේට. මේක පලවෙයිද දන්නේ නෑ. නමුත් මම ලීවා.
ඉතිහාසයට එක්වෙයි, ඕකට නෙවෙයි ව්‍යවස්ථාව කියන අට මගුලෙන් බලයට ආපු ජනතාව ප්‍රතික්ෂේප කරපු ජනතාව විසින්ම නැවතත් ගෙදර යවපු සිරිකොත අම්බලමක් කරපු අනාත නායකයෙක් ලෙස.
හුරේ දැන් ඔක්කොම හරි..! රටට සෞභාගය උදාවුණා. සමහර පාසල් දරුවෝ දිවා අහාරයට ගේන්නේ සුදුබත් එක්ක මිරිස් කුඩු ඉහගෙන කන්න. රට එහෙව් තැනක තියලා මුන්දැලාට රාජකීය මළගෙදර යන එක මහ නම්බුවක්...!
ඔව්, මහජන ඡන්දයකින පත්නොවු මහජන ඡන්දයෙන් ප්‍රතික්ෂේප වූ රටේ ප්‍රබලම පක්ෂය බින්දුවටම බස්සා රටේ ජනතාව අතරමං කෙරූ පුද්ගලයෙක් රට නියෝජනය කරමින් අවමගුලට යෑම නම් ඉතිහාස ගතවෙයි.
අපි කොහොම හරි මෙයාව ඉතිහාසගත කරන්න ඕනේ... නැතිනම් අපිට අපේ රටේ විසුමක් වෙන්නේ නැහැ.
ඔබ අනිවාර්යෙන්ම රාජපක්ෂ රජ පවුල ආරක්ෂා කල නායකයා ලෙස ජනතා සිත්වල ලියවෙනවා ඇත
මෙය ඉතිහාසයට එක්වෙන්නේ මහජන ඡන්දයෙන් පරාද වුණු, ප්‍රජාතන්ත්‍රවාදයේ තේරුම දන්නේ නැතිව, පත්වුණු එකම ජනාධිපති කියලා...
කිසිම ජනවරමක් නැතුව පාර්ලිමේන්තුවේ ඉන්න දූෂිත දේශපාලුවන් 134 දෙනෙකුගේ මනාපෙට පත්වූ පින් ජනපති හැටියට ලෝකෙටම ඉතිහාස ගතවෙලා හමාරයි...
කොල්ලනේ, ඔයාව අල්ලන්න පුළුවන් වුණොත් ලෝක වාර්තාවක් තියන්න.
රටේ ජනතාව මොහුට කැමති නැතිබව ඇත්ත. රටේ ඇතිවී තිබෙන තත්වයට සෘජුවම වගකිවයුතු පුද්ගලයෙකු බවත් ඇත්ත. නමුත් පුද්ගලයෙකු වශයෙන් මොහු ජයග‍්‍රාහී පුද්ගලයෙක්... යම්කිසි දෙයක් දැඩි වුවමනාවෙන් අත් නොහැර ඉවසීමෙන් එකම ඉලක්කයකට ගමන් කිරීමේ ප‍්‍රතිඵල මොහු ලබාගත්තා. මොහුගේ චරිතයෙන් අපටද ගතහැකි දේවල් බොහෝමයක් තිබෙනවා. KFC නිර්මාතෘ Colonel Harland Sanders ව මතක් වුණා. ඔහුත් පරාජයන් බොහෝමයක් අවසාන ජීවිතයේ ජයග‍්‍රහණය ලබාගත් පුද්ගලයෙක්...!