
(දිනේෂ් උපේන්ද්‍ර)
විශ්ව ශක්තියෙන් පෙන්නා වයස 12 දැරියකට ලිංගික අතරව කළැයි කියන විශ්මිත කපුවා මේ මස 20 දක්වා රක්‍ෂිත බන්ධානාගාර ගත කරන ලෙසට කුලියාපිටිය අතිරේක මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සතරසිංහ මහතා නියම කළේය.
එලෙසින් රක්‍ෂිත බන්ධනාගාර ගත වූයේ කුලියාපිටිය පල්ලේවෙල මන්සංධියේ විශ්මිත වෙදමැදුර නමින් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය රුෂාන් චින්තක විජේසූරිය නැමැති වයස අවුරුදු 37ක එක්දරු පියෙකි.
පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි නීතිඥ මහතා දීර්ඝව කරුණු දක්වමින් කියා සිටියේ මෙම දරුවාට දෑවසරක පමණ පටන් අවස්ථා ගණනාවකදී සැකකරු විසින් විවිධ ලිංගික ක්‍රියාකාරකම් සිදුකර ඇති බවයි. එමෙන්ම සැකකරුගේ ජංගම දුරකථනයේ එවැනි වයස්වල පසුවන කුඩා දැරියන්ගේ අසැබි දර්ශන පෙන්වා දැරියට බලපෑම් සිදුකර ඇති බවද පැවසූ පැමිණිල්ල එසේ සැකකරු අතින් අගතියට පත් තවත් දියණියන් පිළිබඳව කරුණු අනාවරණය වූ බවයි.
එම දැරියන්ද සොයා ප්‍රකාශ සටහන් කරගැනීම වෙනුවෙන් මේ වනවිටත් විමර්ශන ආරම්භ කර ඇති බව පෙන්වා දෙමින් සැකකරුගේ ජංගම දුරකථනය පිළිබඳ පුළුල් පරීක්‍ෂණයක්ද සිදුකිරීමට අවශ්‍ය නියෝගද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් එහිදී විශ්ව ශක්තියෙන් දහස් සංඛ්‍යාත රෝගීන් සුවපත් කරමින් දිවයිනේ නමක් දරා ඇති නිසා ප්‍රදේශවාසීන් ඊර්ෂ්‍යාවෙන් යුක්තව කටයුතු කරන බවත් මෙම චෝදනාව සැලසුම් කර නිර්මාණය කළ පැමිණිල්ලක් බවත් පැවසීය.
එමෙන්ම සිදුවීම වී මේ වනවිට වසර දෙකක් ඉක්මව ගොස් ඇති බවද පවසමින් නීතිඥයන් සැකකරුට ඇප ඉල්ලමින් කියාසිටියේ සාධාරණ කාලයක් පැමිණිල්ලක් හෝ සිදුකර නොමැති කමින් පැමිණිල්ල සාවධ්‍ය බව පැහැදිළි වන බවයි. එමෙන්ම සැකකරුගේ නීතිඥයන් පැවසූයේ සැකකරු වෙදකම් කිරීම සම්බන්ධයෙන් ගෞරව නාමයට පවා පාත්‍රවූ අයෙකු බවයි.
දීර්ඝව ඉදිරිපත්වූ සියලු කරුණු පිළිබඳව අවධානය යොමුකළ අතිරේක මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන මහතා ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂෙප කරමින් සැකකරු රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකට මගේ ළඟත් විස්මිත ප්‍රතිකර්මයක් තියෙනවා වෙදාගේ ලෙඩේ හොඳ කරන්න. ඒක තමයි "දිමි ගොටු" ප්‍රතිකර්මය. බලන් ඉද්දී සනීප වෙන්නේ... ලාච්චු වෙදකමත් මේ ලෙඩේට හොඳයි.
දැන් රටේ විශ්ව කර්මයෝ එන්න එන්න වැඩි වෙනවා. මුන්ව මට්ටු වෙන විදියේ පොලිස් ශාන්තිකර්මක් කරන්න ඕනි.
නීතිය දන්නා අය මේ වගේ දුස්සීල මිනිසුන් බේරා ගැනීම වෙනුවෙන් තම වෘත්තිය යොදාගෙන ඒ මුදලින් බත් කනවට වඩා,.. සුදුසු කෑම වලවල්වල පිරිලා තිබේ.
කපුවට. නිදහස දී මොහු වෙනුවෙන් කඩේ යන මුදලට කෑදරව නයට කහින. නිතියන්ඝ්ච වරුන්ව කුඩුවට දමන්න බර වැඩ සමග. මුන්.නිසා තමයි තිරිසන්නු වැඩි වෙන්නෙ.