
(චාපා මධුභාෂිණී)
මීට වසර 19 පමණ පෙර ගෘහ සේවිකාවක ලෙස කුවේට් රටට ගිය පොලොන්නරුව ප්‍රදේශයේ මවක මියගිය බව කියමින් මෘත ශරිරය ගෙන්වා දීමට රුපියල් ලක්ෂ හතරක මුදලක් ලබා අවශ්‍ය බවට කුරුණෑගල විදේශසේවා නියුක්ති කාර්යංශයේ නිලධාරියකු පැවැසුවේ යැයි එම නිවැසියෝ පවසති.
ඉසිපතන මාවත, පොලොන්නරෙුව ලිපිනයේ පදිංචිව සිටි විනීතා හෙට්ටි ආරච්චි නමැති තිදරු මව 2003.අගෝස්තු 30 වන දින කුවේට් රටේ ගෘහ සේවයට ගිය බව ඇගේ ඥාතීහු පවසති.
විදෙස්ගතව වසරකට පමණ පසු ඒම නිවසේ ඇයට කරදර බව පවසා නිවැසියන්ට දැනුවත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇගේ දරුවන් සහ ස්වාමියා මේ පිළිබදව කුරුණෑගල සහ කොළඹ විදේශසේවා නියුක්තිකාර්යංශයන්ට දැනුවත් කර ඇය නැවත ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය සහය පතා ඇත.
ගෘහසේවයට ගිය බව කියන කාන්තාවගේ නිවසට යාබද නිවසක ගෘහ සේවයට ගිය බව කියන තවත් ලාංකික කාන්තාවක් මැයට ඒම නවසේ කරදර ඇති බවත් රෝගාතුරව සිටින බවත් නිවැසියන්ට දන්වා ඇය ලංකාවට නැවත ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසට ඉල්ලීමක් කර ඇත.
යාබද නිවසේ සේවය කළ එම කාන්තාවගේ ෙ දැනුම්දීම සම්බන්ධයෙන් ස්වාමියා සහ දරුවන් විදේශ සේවා නියුක්ති කාර්යංශයට අවස්ථා කීපයකදී මේ බව පවසා ආයාචනා කර සිටියද කිසිදු නිළධාරීයකු ඒයට සවන් නොදුන් බව ඔවුහු කණගාටුවෙන් යුතුව කීහ.
විදෙස්ගත වූ බව කියන කාන්තාව වසර 19 පමණ කාලයක් තම ඥාතීන් සමග සබදතාවයක් පවත්වා නැත. ඒ් හේතුවෙන් ඇය අතුරුදන් බවද දරුවන් නැවත නැවතත් විදේශසේවා නියුක්ති කාර්යංශයට පැමිණිලි කර ඇතත් කිසිදු ලිපියකට පිළිුතුරක් නොලැබුණ බවද ඔවුන් ලංකාදීපයට කීය.
පොලොන්නරුව තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවය කරන සංවර්ධන නිළදාරියකු පැමිණ ඔහු සිය ජංගම දුරකථනයෙන් ලිපියක් පෙන්වා විනීතා හෙට්ටි ආරච්චි නමැති කාන්තාව කුවෙට් රටේදී මරණයට පත්ව ඇති බවත් ඇගේ මෘත දේහය භාරා ගැනීමට කටයුතු කරන ලෙසට අදාල ලිපිය මගින් දැනුම්දී ඇත.
මෙම කාන්තාවගේ දරුවන් ඒම ලිපියේ සදහන් පරිදි සය මවගේ මරණය සම්බන්ධව කුරුණෑගල විදේශසේවා නියුක්ති කාර්යංශයට ගිය පසු ඒහි නිළදාරීන් පවසා ඇත්තේ ඇගේ මෘත දේහය කුවෙට් රටේ රෝහලක තිබෙන බවත් ඒය ලංකාවට ගෙන්වා ගැනීමට රුපියල් ලක්ෂ හතරක් පහක් පමණ මුදලක් වැය වන බවද පවසා ඇත.
වසර 19 පමණ කාලයක් කිසිදු තොරතුරක් නොමැතිව අතුරුදන්ව සිටි මවගේ මරණය භාර ග්නා බවට කළ දැනුම්දීමෙන් දරුවන් දැඩි සංවේගයට පත්ව ඇත.
තම මවට හිරිහැර බව පවසා නැවත ලංකාවට ගෙන්වා දෙන ලෙසට වසර 18 පමණ කාලයක් තිස්සේ විදේශ සේවා නියුක්ති කාර්යංශයට ගොස් පැමිණිලි කළද ඒ්වා කණකට නොගෙන ඊට අවශ්‍ය සහයා ලබා නොදුන් නිළධාරීන් මරණය භාර ගැනීමට කටයුතු කරන ලෙසට කර ඇති ලිපිය සම්බන්ධව තමන්ට සැකයක් පවතින බවට චෝදනා කර සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශ සේවා කටයුතු අමාත්‍යාංශයේ ඉන්නේ හොරු. එතැනිනුත් ඔය ගාණක් කඩාගන්න හදන්නේ..!
"රටවිරුවෝ" ඩොලර් එවනකම් හොඳයි. හැබැයි උන්ට කරදරයකට පිහිට වෙන්ට කව්රුත් නැහැ. මේ රටට සතයක් එවන්ට එපා.
උඹලා ජීවත් වෙන්නේ ඒ අහිංසක උන් රට ගිහින් හරි හම්බ කරලා එවන මුදලින් නේද කියලා වත් වැඩ කරපියව් හිගන හැත්ත
අවයව වලට විකුණලා වගේ. මේකට මේ සියලුම නිලධාරින්ට දඬුවම් කරන්න.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය බොහෝ උත්සුක වන්නේ මැද පෙරදිග වැඩට යන ලාංකිකයින්ගෙන් අයවන මුදල ලබා ගැනීමට පමණි. එම මුදලින් විශාල සේවක සංඛ්‍යාවක් නඩත්තු වීමේ පින හැරෙන්නට වෙනත් යමක් එම කාර්යාංශයෙන් බලාපොරොත්තු විය නොහැක. අනේ...! ගෘහ සේවයට නම් ලංකාවේ කිසිම කාන්තාවක් යන්න එපා. ලංකාව තුළම කුලී වැඩක් කිරීම ඊට වඩා බොහෝ ආරක්ෂිතය. නම්බුකාරයි...
පැමිණිලි කළ කාලය තුළ ඒවාට සවන් නොදුන් සියලු දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කිරීම මෙම මරණයට අදාල පරීක්ෂණ වලට පෙර සිදුවූවොත් ලංකා ව ශිෂ්ඨ සම්පන්න රටක් යයි සිතිය හැකිය
මේක තමයි කියන්නේ දේශපාලකයන් සහ බොහෝ රජයේ සේවකයන් අතර වෙනසක් නැහැ කියල. ඉතාම කනගාටුදායකයි.
විදේශ ශ්‍රමිකයින්ගෙන් යැපෙන මෙම අමත්‍යංශයෙන් විදේශගත වුවන්ට පිහිටක් අවශ්‍යය විට එම සේවය පැහැර හැර සිටි අවස්ථා බොහෝමයි, මෙම අමත්‍යංශයෙන් ඇති ප්‍රයෝජනය මොකක්ද? වසා දමන්න.
ලංකාවේ කිසිම රාජ්‍ය ආයතනයක නිලධාරියෙක් හෝ දේශපාලකයෙක්, ඔහු තනතුර දරන කාලයේ කරන ක්‍රියාවලට වගකීමේ සම්ප්‍රදායයක් නැහැ. විදේශ සේවා කාර්යංශය යනු කිසිම වැඩකට නැති බොරු සංවිධානයක් බව කොරෝනා කාලෙදී මුලු ලෝකෙටම ඔප්පු වුණා.
සියළු ජනතාව දේශපාලන ගැති භාවය නැති කරගෙන කෙළින් කථාකලේ නැත්නම් මේ රටේ දේශපාලකයින්ට කඩේ ගිහින් වැඩ දන්නේ නැතිව ආණ්ඩුවේ රස්සා කරන අය වැජඹෙන්නේ ජනතා දුක මතුපිටිනුයි. ඒ තරම් පාදඩයින් තමයි මේ රැකියාවලත් ඉන්නේ...!