(නිමන්ති රණසිංහ සහ සුජිත් හේවාජුලිගේ )
තරුණ පරපුරට අද දවසේ ප්‍රමාණවත් අවස්ථාවක් සැලසී නැත්තේ බොහෝ පක්ෂ අභ්‍යන්තරයේ පැහැදිලි ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්ෂණ නොමැති වීම හේතුවෙන් බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
අද රටේ ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයක් නොව ප්‍රභූතන්ත්‍රවාදයක් බවද ඔහු සඳහන් කළේය.
දේශප්‍රිය මහතා මෙසේ පැවසුවේ ප්‍රජාතන්ත්‍රවාදී දිනය වෙනුවෙන් කොළඹදී සංවිධාන කෙරුණු වැඩසටහනකට සහභාගි වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ... තමනුත් තමුන්ගේ රාඡාකාරී කාලයේදීම කලෙත් ප්‍රභූතන්ත්‍රවාදයට ඕන විදියටමනේ... නැත්නම් තමනුත් අද ඔතන නැහැ. දැන් කවුරුත් සුජාතයින් වගේ කට ඇරියාට...
වැදි බණ...
කටට රහට කාපු එකා තමයි දන්නේ කෑමෙ රස... බාගෙන කන්නේ නැතිව ඉහගෙන කාලාම යන්න තමයි හදන්නේ...!
ඔබතුමා නේද ඇමරිකන් කාරයෙකුට ජනාධිපතිකමට ඡන්දය ඉල්ලන්න ඉඩහැරියේ...?
තමුන් සුද්දවන්තයා වෙන්න හැදුවට කරපු සමහර ක්‍රියාමාර්ග නිසා රටට වෙච්චි හානිය ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ...
මේ රට මෙතරම්ම ඉක්මණට වලපල්ලට ගෙනියන්න හවුල් වෙච්චි එක්කෙනෙක් තමයි ඔයා. බොරු කයිය විතරයි. මේ රටේ දැන් සිදුවන සියලු අපරාධයන්ට ඔයත් වග කියන්න ඕනෑ. ද්විත්ව පුරවැසියන්ට මේ රටේ ඡන්දය ඉල්ලන්න ඔයත් හවුල් වුණා. දැන් ඒ පව මුලු මහත් ජාතියක්ම ගෙවනවා.
මෙයා කටින්ද නැත්නම් නම් වෙන කොහෙන් හරිද කතා කරන්නේ?
මිසට්ර් මැකෝ තරුණයා කියන්නේ අවුරුදු 15 ත් 23 අතර ළමයින්ට. ඔවුන් ඉදිරිපත්වී ලබා ගත යුතු අතර අවස්ථාව කියනදේ රිදී බන්දේසියක තබා පිරිනමන දෙයක් නොවෙයි. තරුණයෝ ඉදිරිපත් වෙන්නේ ලේ සැලෙන විප්ලව වලට පමණයි. ඒ ඔවුන්ගේ අත්දැකීම් අඩුකම නිසා. කපටි ජෙප්පන්ට එක හොඳ අවස්තාවක්.
අලුතින් දේශපාලන පක්ෂ ලියාපදිංචිය තහනම් කරලා දේශපාලනය සාම්ප්‍රදායික ප්‍රභූ පවුල්වල බූදලයක් කලේ ඔබතුමා නේද? දේශපාලනේ වලපල්ලටම යැව්වා. අද කිසිම කෙනෙක්ට දේශපාලනේට එන්න බැහැ. එක්කෝ රාජපක්ෂගේ අනුමැතිය ඕනෑ. නැතිනම් ප්‍රේමදාස, අනුරකුමාරගේ අනුමැතිය ඕනෑ...
මෙයත් මෙයාගෙ උගත්කම ජනතා සුව පිණිස නොදා බහුතර උගතුන් වාගේ ‘අපේ වැඩේ අපි බලාගන්නවා’ තේමා පාඪයෙන් ජීවත් වූ කෙනෙක්. රට සූරාකන මේ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට තම අත්දැකීමෙන් මාධ්‍ය සාකච්ඡාවලටවත් සහභාගි වී දායකත්වය දැක්විය යුතුයි නේද? එහෙම කරන්න බැරි , කාට හරි වාසි සලසා අතපිස දා ජීවත් වූ පුරුද්ද නිසාද?
දැන්වත් ඇරපු එක ලොකු දෙයක්
හිටපු හොඳ රාජ්‍ය නිලධාරියෙක්. මොහුගේ සහාය මේ මොහොතේ ලබාගත යුතුයි.
"අද රටේ ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයක් නොව ප්‍රභූතන්ත්‍රවාදයක්" බවද ඔහු සඳහන් කළේය. තමුන්නානසේ ඒකට අතහිත දුන් නැතෙයි?
ඔය කියන කෙහෙල්මල් වාදයක් නෑ. රටේ තියෙන්නේ හොරු රැකෙන ක්‍රමයක්. හොරුන්ට කැමැති නම් ඔවුන්ට එතැන ඉඩ තියෙනවා. එතැන දේශපාලුවන් විතරක් නෙවෙයි, මැකෝලා වගේ රජයේ නිලධාරින් ඉන්නවා. මොන ක්‍රමයට හරි ඔවුන් එකතු වෙනවා..