(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )
ජාතික පශු සම්පත් මණ්ඩලය යටතේ ඇති මහ පරිමාණ සත්ව ගොවිපොළ හයක් දේශීය හෝ විදේශීය ආයෝජන සහිත ආයතනවලට දීර්ඝකාලීන පදනමින් බදුදීමට එම මණ්ඩලය විසින් ටෙන්ඩර්පත් කැඳවනු ලැබ ඇත.
ආයෝජන සමාගම් වලට මෙසේ බදු දීමට නියමිත සත්ව ගොවිපොළවල් වන්නේ නුවරඑළිය බෝපත් තලාව ගොවිපොළ( අක්කර 1133) පුත්තලම කොට්ටුකච්චිය ගොවිපොළ( අක්කර 500යි) කුරුණෑගල නිකවැරටිය ගොවිපොළ( 1054), අනුරාධපුර ඔයාමඩුව ගොවිපොළ( 1477), අනුරාධපුර පරසන්ගස්වැව ගොවිපොළ( 1632) සහ හම්බන්තොට වීරවිල ගොවිපොළ ( 472) ය.
මින් සමහරක් ලාභ ලැබූ ගොවිපොළවල් බව එම ආයතන ආරංචිමාර්ගවලින් පැවසේ.
ශ්‍රී ලංකාවේ සත්ව පාලනය සහ දියර කිරි කර්මාන්තය දියුණු කිරීමට හා රටට අවශ්‍ය අභිජනන සතුන්, කිරි,මස්, කෘෂිකාර්මික බෝග වගාව( සත්ව පාලන සඳහා අවශ්‍ය) සඳහා මහා පරිමාණ ගොවිපොළ සංවර්ධනය කිරීමට අදහස් කර ඇති හෙයින් එම ගොවිපොළවල් සතු ඉඩම් මෙම ව්‍යාපෘතිය යටතේ නවීන තාක්ෂණය භාවිතයෙන් සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවත් ජාතික පශු සම්පත් මණ්ඩලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ යෝජනාවක්... හම්බන්තොටත් රිදීයගම, වීරවිල, බටඅත ගොවිපලවල ඉඩම් මහ කැළයට යටවී තිබෙනවා. කිසිම ප්‍රයෝජනයක් ගන්නේ නැතිව වැඩකට ගන්න හදනවිට අයිතිය කියනවා. පසුගියදා පැවැති හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේ දී පවා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයා මෙම රජයේ සත්ව ගොවිපලවල් නිලධාරින්ට තදින්ම දෝෂාරෝපණය කළා.
මේ ආයතන ගොට්ටන්ටයි, මැට්ටන්ටයි, හොට්ටන්ටයි පැවරීමෙන් සිදුවන සුගතියක් නැහැ... මෙතන සිද්ද වෙන්නෙත් අනිත් තැන්වල සිදුවන දේම තමයි. අන්තිමට කරපු ආයෝජනයකුත් නැහැ. හිටපු සත්තු ටිකත් නැහැ...!
පශු සම්පත් මණ්ඩලය ලාබ ලබපු ආයතනයක් නේද? කුණු කොල්ලෙට දෙන්න වගේ...