
(අංජුල මහික වීරරත්න)
ඉන්දියානු ආයෝජන මත ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ පාර්ශ්වයෙන් ප්‍රමාද වූ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජාත්‍යන්තර වෙළෙඳාම සම්බන්ධයෙන් කතිකා කරන ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක් මෙරට ස්ථාපිත කරන බව ද ජනාධිපතිවරයා කීය.
ඉන්දු ශ්‍රී ලංකා ආයෝජන සඳහා වන බාධක සහ වෙළෙඳ ක්ෂේත්‍රය සඳහා වන තීරු බදු නොවන බාධක ජයග්‍රහණය කළ යුතු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති “ශ්‍රී ලංකා ඉන්දියානු සමාජයේ” වාර්ෂික සුහද හමුව අමතමිනි.
මෙම සුහද හමුව ඉන්දියාවේ 75 වැනි නිදහස් සැමරුම සනිටුහන් කරමින් පැවැත්විණි. ඉන්දියාව ඇතුළු අසල්වැසි රටවල් වෙළෙඳ ඒකාබද්ධතාවකට පැමිණිය යුතු බවද වික්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.
අපි අනවශ්‍ය නීතිරීති ඉවත් කළ යුතුයි. අපේ ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම ගැන අපි අවධානය යොමු කරනවා. අපගේ ව්‍යාපාර පහසු කරවන වෙනම අමාත්‍යාංශයක් පිහිටවිය යුතුයි. විවිධ වෙළෙඳ ගිවිසුම් පිළිබඳවත් බලාපෙරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට එකට එක් වීම සඳහා අවකාශය තිබෙනවා.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැනඩාවේ ජනගහනය මිලියන 38.6ක් වේ.. රාජ්‍ය සේවයේ සිටිනුයේ 319,000. කැනඩාවේ ෆෙඩරල් නියාමනය කරන ලද පෞද්ගලික අංශයේ සේවකයින් 910,000. (ෆෙඩරල් නියාමනය කරන ලද පෞද්ගලික අංශය: ගුවන් ප්‍රවාහනය, බැංකු, ධාන්‍ය සෝපාන සහ ආහාර, බීජ මෝල්, පළමු ජාතීන්ගේ තූර්ය වාදක සභා සහ ස්වදේශික ස්වයං පාලන, කැනඩා පෝස්ට්, වරාය සේවා, වැනි බොහෝ ෆෙඩරල් ක්‍රවුන් සංස්ථා කුරියර් සේවා, ගුවන් විදුලි හා රූපවාහිනී විකාශනය, දුම්රිය, ප්‍රවාහන සේවා, එය පළාත් හෝ ජාත්‍යන්තර දේශ සීමා, විදුලි සංදේශ, සහ යුරේනියම් කැණීම් හෝ පරමාණු බලශක්ති සේවකයින්... පාර්ලිමේන්තු මන්ත්‍රී මණ්ඩලය, සෙනෙට් සභාව සහ පාර්ලිමේන්තු පුස්තකාලයේ සේවකයින් ද ඇතුළත් වේ. පුද්ගලික අංශයේ සමාගම් සහ මහ නගර සභා ලෙස අයත් වේ. මේ පිළිබඳව ලංකාව, කැනඩාවේ රාජ්‍ය සේවයේ සිදුකර තිබෙන්නා වූ වෙනස්කම් පිළිබඳව සොයාබැලීමක් කළයුතුවේ.
වියාපාර පහසු කිරීම කෙසේ වෙතත් ලන්කාවේ ඉන්න දූෂිත දේසපාලුවන්ට නම් යහපතක් වෙයි.
ලංකාවේ ඉන්න බලලෝභී, බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවන්ට නම් වාසියක් වෙන වැඩක්...?