(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පානදුර සංචාරක හෝටලයක අද (16) පැවතී විවාහ මංගල උත්සවයකදී ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් හය දෙනකු රෝහල්ගතකර දස දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි හිරණ පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මනමාලයාගේ පාර්ශවයෙන් පැමිණි මහනුවර සහ කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව පොලිසිය කීය.
අත්අඩංගුවට පත් වූවන් අතර දෙවන මනමාලයා ද සිටින බව සදහන්වේ.
රෝහල් ගතකර ඇත්තේ මනාලයාගේ පාර්ශවයෙන් පහරකෑමට ලක්වූ හෝටල් සේවකයන් පස්දෙනකු සහ මල් සැරසිලි සඳහා පැමිණි පුද්ගලයකු බව පොලිසිය කීය.
පිහිනුම් තටාකයේ සේවාව වෙන්කරවා ගෙන නොමැති නමුත් , පිරිසක් මත්පැන් පානය කොට එහි බැස දියනා ඇති අතර එහිදී හෝටල් කළමනාකාරීත්වය සමග ඇතිවූ කතා බහක් දුර දිග යාමෙන් පිරිස කලහකාරී ලෙස හැසිරී හෝටලයට ද අලාභානි සිදු කර පහරදීම සිදුකර ඇතැයි පොලිසිය කියයි.
සැකකරුවන් අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ඒමට දැඩි වෙහෙසක් ගැනීමට සිදුව ඇතැයි සදහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකත් ජය සිරි මංගලම්.
ජනාධිපති මැදුරේ පූල් එකේ බැහැලා ඒක වනසපු අයද දන්නේ නෑ. ගිය තැනක වැදගත්කකමට ඉන්න බැරි අය. ලැජ්ජයි.
පාරදිගේ තියෙන බෝගහක් දැක්ක තැනක වදින අපේ මිනිස්සු ප්‍රශ්න විසඳන්නේ අනෙකා මරාගෙන...