
එංගලන්ත පා පන්දු සුපිරි තරුව ඩේවිඩ් බෙකම්, දෙවැනි එලිසබත් මහ රැජිනට අවසන් ගෞරව දැක්වීය. ඒ පැය 13 ක් තිස්සේ පෝලිමක රැඳී සිටීමෙන් පසුවය.
දෙවැනි එලිසබත් මහ රැජිනගේ දේහය මහජන ගෞරවයට තබා ඇත්තේ වෙස්ට්මිනිස්ටර් ශාලාවේය. දේහයට ගෞරව දැක්වීමට පැමිණෙන පිරිස් හේතුවෙන් කිලෝ මීටර් ගණනක් දුරට පෝලිම් දකින්න ලැබේ. දස දහස් ගණනක් අව්ව වැස්ස නොතකා පෝලිම්වල සිටින බව වාර්තා වේ.
එලිසබත් මහ රැජිනට ගෞරව දැක්වීමේ දී 47 හැවිරිදි සුපිරි පා පන්දු තරුව සංවේදී වූ බව ද පැවැසෙයි. 'එතුමට මා ආදරෙයි. ඒක ඇත්තට සංවේදී අවස්ථාවක්' යැයි වෙස්ට්මිනිස්ටර් ශාලාවෙන් පිටවෙද්දී බෙකම් මාධ්‍ය හමුවේ පැවැසීය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන තරම් ශ්‍රේෂ්ඨ ජාතියක්ද? පෝලිමේ පැය 13ක්... සුපිරි තරුවක්.. අපේ අය නම් ඉඳීද පෝලිමේ...?
අපේ හැම තරුවක්ම නරක නැහැ.., සංගක්කාර රියදුරු බලපත්‍රය අලුත් කරන්න පැයක්, දෙකක් පෝලිමේ හිටියා. අනිත් තරු රියදුරු බලපත්‍ර අලුත් කරගත්තේ කොහොමද කියලා කියන්න මම හරියට දන්නේ...
මම හරියට දන්නේ නැහැ..
හයියෝ මේ විසි එක්වෙනි ශතවර්.ශය නේද ....සුද්දෝ කියලා නෑ අම්බරුවෝ ලෝකෙ හැමැතැනම
ඔබ විතරක් නොවෙයි මමත් ආදරෙයි. විශේෂයෙන් අපිව වඩුග රාජ පරම්පරාවෙන් බේරා ගැනීම නිසා.
හොඳ ක්‍රීඩකයෙක් උනත් මෝඩයෙක් බවයි පෙනෙන්නේ
ලංකාවේ නම් මම ඇමැතිගේ පුතා, අධ්‍යක්ෂක බිරිඳ, අර පොලිස් ලොක්කා, කොටි පැටියෙක් කියලා පෝලිම කඩාගෙන ගිහින් මිනිස්සුන්ට පාට් දාලා බලලා යයි.
රුසියාවේ හිටපු ජනාධිපති මැරුණු අවස්ථාවේ වත්මන් ජනාධිපති කළ දේ මතක් වුණා.