වසර 70 කට පසු ඉන්දියාවේ ජාතික වනෝද්‍යානවලට යළිත් වරක් චීටා සතුන් හඳුන්වාදීමට ඉන්දීය රජය සහ එරට වනජීවී නිලධාරීන් තීරණය කර තිබේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ජන්ම දිනය ඊයේ දිනයට (17) යෙදී තිබුණු අතර, ඒ නිමිත්තෙන්, අග්‍රාමාත්‍ය මෝදිගේ ප්‍රධානත්වයෙන්, නැමිබියාවෙන් ගෙනා චීටා සතුන් අට දෙනකු ඉන්දියාවේ කූනෝ ජාතික වනෝද්‍යානයට මුදා හැරීම සිදුවිය.
අප්‍රිකානු රාජ්‍යයක් වන නැමීබියාව, චීටා සතුන්ට ප්‍රසිද්ධියක් උසුලයි. වැඩිම චීටා ජනගනයක් ඇත්තේ ද නැමීබියාවේය. ඉදිරියේ දී තවත් චීටා සතුන් නැමීබියාවේ සිට ඉන්දියාවට ගෙන ඒමට ඉන්දීය රජය සූදානමින් සිටී.
චීටා සතුන් අට දෙනා වනෝද්‍යානයට මුදා හැරීම සිදුවූයේ උන් මාසයක කාලයක් නිරෝධායනය කර තැබීමෙන් පසුවය. සතුන් ගුවනින් ඉන්දියාවට ගෙනැවිත් ඇත්තේ නිර්වින්දනය කිරීමෙන් පසුවය. චීටා යනු මහ බළල් පවුලට අයත් සාමාජිකයකු වන අතර ගොඩබිම වෙසෙන වැඩිම වේගයකින් දිවිය හැකි සත්වයා වන්නේ ද චීටාය. චීටාට පැයට කිලෝ මීටර් 113 ක වේගයකින් දිවිය හැකිය.
අතීතයේ අප්‍රිකා මහද්වීපයේ පමණක් නොව, ඉන්දියාවේ වනාන්තරවල ද චීටා සතුන් වාසය කළ බව පැවැසෙයි. ඉන්දියාවෙන් චීටා සතුන් සඳහටම වඳවී ගොස් ඇත්තේ 1952 වසරේ සිටය. මිනිසුන් විසින් චීටා සතුන් ඉවක් බවක් නොමැතිව දඩයම් කිරීම ඊට එක් හේතුවක් බව පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
චීටා ආයෙත් ඉන්දියාවට
Soma dubai Sunday, 18 September 2022 11:16 AM
සුද්දෝ පාලනය කළ රටවල අය විනෝදෙට අහිංසක සත්තුන්ට වෙඩි තිබ්බා.