
(අංජුල මහික වීරරත්න)
ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක ඇතුළු කණ්ඩායම ආසියා කුසලානය දක්වා ඉදිරියට යාමට අතීත පරාජයන් ශක්තියක් කරගත් බවත් රටක් ලෙස එලෙස සිතනවා නම් ලංකාව ලෝකය ඉදිරියේ ජයග්‍රහණය කරවීම අසීරු කාර්යයක් නොවන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
කණ්ඩායමක් ලෙස සාමුහිකව කටයුතු කිරීම ලාංකික ආසියා ශූරීන්ගේ ජයග්‍රහණයට ඉවහල් වු බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ ආසියානු කුසලාන 20යි විස්ස ක්‍රිකට් ශූරතාව සහ දොළොස්වන ආසියානු දැල්පන්දු ශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම් දෙක සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රිඩාවලියේ පදක්කම්ලාභින් ඇගයීම වෙනුවෙන් කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ පැවති උත්සවය අමතමිනි.
ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ඉල්ලීම මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය සහයෝගය සංකේතවත් කරමින් ආසියානු ශූරතාවය දිනාගත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ සාමාජිකාවන් සඳහා එක් ක්‍රීඩිකාවකට රුපියල් මිලියන 02 බැගින් සහ පුහුණුකරුවන් දෙදෙනෙකු සඳහා රුපියල් මිලියන 02 ක බැගින් පිරිනැමීම මෙහිදී සිදු කෙරිණි.
බ්‍රිතාන්‍යයේ බර්මින්හැම් නුවර පසුගියදා පැවැති 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදි ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් 4ක් දිනා ගත් ක්‍රීඩකයන්ටද මෙහිදී ත්‍යාග පිරිනැමීය.
මාතෘ භූමිය ආසියාවේ ඉහළින්ම ඔසවා තැබු සියලු ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට සිය ප්‍රණාමය පුද කළ ජනාධිපතිවරයා ක්‍රීඩාවේ ජයග්‍රහණයේ කොටසක් දේශපාලනයට ලබාගත් යුගය තමන් නිමා කළ බවත් මෙවර 200% ක්ම ජයග්‍රහණය ඊට කැපවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇතුළු සියලුදෙනා හිමිවන බවත් සඳහන් කළේය.
.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාලකයෝ ලකුණු දාගන්න අවශ්‍ය නැතිනම් මොකද මෙයා මෙතන කරන්නේ...?
ක්‍රීඩකයින්ගේ, ජනතාවගේ හැම වැඩේම හරිගියොත් දේශපාලුවන්ගේ නම. වැරදුණොත් ක්‍රීඩකයින්ගේ හා ජනතාවගේ කණ.. මෙතෙක්කල් සිද්ද වුණේ ඕක තමයි.
අපේ රටේ සමහර දූෂිත දේශපාලුවන්, කෙරුවාවල් කෙසේවෙතත් පැත්තක ඉඳන් ලකුණු දාගන්න නම් සූරයි.
රාජපක්ෂලා බලයේ සිටියා නම්, මේ ජයග්‍රහණය ලබා ගැනීමට හැකිවෙන්නේ නැහැ. ක්‍රීඩාව පමණක් නොවෙයි, මේ රටේ සියලුම ක්ශේත්‍රයන් ඔවුන් විනාශ කළා. ඔවුන්ව දේශපාලනයෙන් අතුගා දමන තාක්කල් මේ රටට දියුණුවක් නැහැ...
අපේ රටේ හැමදේම එහෙමනේ. යුද්ධය කාලයේ රණවිරුවන් කරපු සේවය. නමුත් ඔටුනු පැළඳුවේ... මහ රජානෙනි කියලා ගීතයකුත් කරලා තවත් ඉහලින් තිබ්බා. ගෝඨාට 69 ලක්ෂයක් ඡන්දෙත් දුන්නා. රට බේරගත් රණවිරුවා කියලා. මෙයා සටන් කේරුවේ කොහොමද? ඇමරිකාවේ ඉඳන්. එයාටත් ගීතයක් හැදුවා. පැදුරටත් නොකියා රටේ මුදල්. අරන් පැනලා ගිහින්. නැවත ආවා. රට ස්වයංපෝෂිත කරන්නේ ජනතාව. රට විනාශ කරන්නේ මේ අම්බ රැල... මේ අය හොරාකන එකට කිසිම නායකයෙක් නීතිය තදින් ක්‍රියාත්මක නොකරන්නේ ඇයි? මොන ලෝකෙන් කප් අරගෙන ආවත් වැඩක් නැහැ. 250 නාකි හොරු ටික ඉන්නකම්... මේ රටට ලොකුම හෙනේ මේකයි. මොවුන්ව එළවලා... උගත්, තරුණ දරුවන්ට රට බාර දෙන්න ඕනෑ. අලුත් නීති ඇතිව... එහෙම වුණොත්, ඉගෙනීමක් නැතිවේ. හොර පත්විම් තියෙන පුත්තු තුන්දෙනාට කිසිම තනතුරක් දෙන්න එපා.
"පිං ජනාධිපති"
මම රනිල්ගේ පත්වීම අනුමත නෙකළත් ඔහු තමයි JR සහ විජේතුංගගෙන් පස්සේ අතේ නූල් බැදගත්තේ නැති එක එක මිත්‍යා දෘෂ්ටික බොරු කාර කට්ටඩියන් සහ තක්කඩියන් පස්සේ නොගිය එකම ජනාධිපති.
රාජපක්ෂ පිල සමග අවුරුදු 16 පමණ තරග කරපු ප්‍රතිවාදි පිලේ නාකයා යටින් රාජපක්ෂලට උදව් කරනකොට රාජපක්ෂලාට ඕනි විදියට ක්‍රීඩා කරන්න පුළුවන් නේද? ඔවුන් හැමදාම දිනුව නේද? හරිනම් මෙයාට පහන්න ඕනි ඉලපතෙන්. රට මේ තත්ත්වයට වැටෙන්න ප්‍රධාන කාරණයක් මෙයා.
නාමල් බේබි හින්දා තමයි මේ ඔක්කොම
ඔයත් කරන්නෙම ඒකනේ