
(අමදෝරු අමරජිව)
ත්‍රස්තවාදය වැලැක්විමේ පනත අහෝසි කරන ලෙස ඉල්ලා මහජන පෙත්සමකට අත්සන් කිරීම ත්‍රිකුණාමලය සිවන්කෝවිල් භූමියේදි අද සිදුවිණි
ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ තරුණ පෙරමුණ හා සර්වජන යුක්ති සංවිධානය සමග එක්ව කංකසන්තුරෙන් ආරම්භ කළ මෙම අත්සන් ගැනීම හම්බන්තොටින් අවසන් කිරිමට නියමිතය.
මෙම අවස්ථාවට එක් වු ඉලංගෙයි තමිල් අරුසු පක්ෂයේ තරුණ පෙරමුණේ යාපනය දිස්ත්‍රික් සභාපති හිටපු උතුරු පලාත්සභා මන්ත්‍රි එස්.සුගිර්දන් මහතා පැවසුවේ මෙම පනත මගින් දෙමල අයට පමණක් නොව සිංහල, දෙමල, මුස්ලිම් යන සියලුම දෙනා අත්අඩංගුවට ගැනිම සිදුවන බවය.මෙම පීඩා කාරි පනත අහෝසිකරණ ලෙස රජයට බලපෑම් කරන බවද හෙතෙම පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ත්රස්තයෝ නැතිනම් ආනාගත ත්රස්තයෝ ත්‍රස්ත පනත එපාකීම එකත් හරියට මිනීමරුවෝ මරණීය දණ්ඩනය ඉවත් කරන්න ඉල්ලනවා වගේ, හොරු හිරදෙවල් එපා කියනවාගේ. දෙමල ඩයස්පෝරාව මුදල් ගෙවා කරවන පාගමනක් මේක..ත්‍රස්තවාදය වැලැක්විමේ පනත අහෝසි කරන ලෙස ඉල්ලා සිටීමත් ත්‍රස්තවාදී ක්‍රීයාවක් ලෙස සලකා පනතට අනුව ක්රීයා කරන්න. LTTE ත්රස්තයෝ හම්බ ත්රස්තයෝ දෙකොනින් හිනාවෙනවා ඇති සටන් කරපන් මචෝ අපි යටින් මොරල් සපෝට් එක දෙන්නම් කියලා.
ඒක අනිවාර්යයි!
මේකට විරුද්ධව ඉන්නෙ අනිවාර්යයෙන් දේශීය හා NGO ත්රස්තවාදීන් . නීතිගරුක සාමාන්‍ය ජනතාව මෙවන් දෙයක් දන්නෙත් නෑ.
ජයවේවා
මෙහි ප්‍රධානම ත්‍රස්තයින් වන්නේ දේශපාලුවන්ය
කන්න බොන්න නැතිව පාගමන් යන එක ඉදිරියේදී දැක ගන්න පුළුවන්
තවටිකක් කල් යනකොට ලංකාවේ පොලිසි, උසාවි වහන්න කියලා පාගමන් යයි.. මේවා විහිළු...