(යොහාන් භාසුර)
කොළඹ සිට බදුල්ල දක්වා මෙම සති අන්තයේ මගීන් සංඛ්‍යාව ඉහළ යෑම පිළිබඳව අවදානය යොමු කර නව දුම්රියක් ධාවනයට එක්කළ බව දුම්රිය දෙපාර්තමේන්තු පැවසීය.
එම දුම්රිය හෙට (16) සිට 18 වැනිදා දක්වා කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් රාත්‍රී 7.20 ට පිටත්ව පසුදින පෙරවරු 5.30 ට බදුල්ලට ළගා වන බවත් එම දුම්රිය අනිද්දා (17) සිට 19 වැනිදා දක්වා බදුල්ල දුම්රිය ස්ථානයෙන් පස්වරු 7.30 ට පිටත්ව පසුදින පෙරවරු 5.28 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයට ළගාවීමට නියමිත බවත් දුම්රිය දෙපාර්තමේන්තු සඳහන් කළේය.
මෙම දුම්රියන්ට අමතරව කොළඹ කොටුවෙන් සහ බදුල්ලෙන් දිනපතා පස්වරුවේ පිටත්වන රාත්‍රී තැපැල් දුම්රිය නියමිත පරිදි ධාවනය වන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දුම්රිය ධාවනය කරන්නේ රාත්‍රියේ නිසා මගීන්ට අවට සිරියාව නරඹන්නට බැහැ. එම මාර්ගය දෙපස එහෙම බලන්න කිසිවක් නැද්ද? රාත්‍රියේ කෝච්චියේ නිදාගෙන උදේ ඇවිදලා ආයෙත් රාත්‍රියේ ආපසු එනවා වැඩක් නැහැ අප්පා...!
ඇත්තටම මෙම දුම්රිය දිනපතාම රාත්‍රී 7.20ට කොළඹ සිට බදුල්ලට, අඩුම තරමේ මහනුවර දක්වාවත් ධාවනය විය යුතුයි.. පුද්ගලික අංශයේ වැඩි දෙනෙක් දිනපතා කොළඹ සිට මෙමගින් ගමන් කරනු ඇත...