(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

තවත් පනත් කෙටුම්පත් තුනකට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය අද (16) සටහන් කළේය.

කතානායකවරයා මෙසේ සහතිකය සටහන් කළේ  කාර්මික ආරවුල් (සංශෝධන) පනත් කෙටුම්පත් දෙකකට   (130 හා 132) සහ කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතටය.

මේ අනුව මෙම පනත් කෙටුම්පත් 2022 අංක 22 දරන කාර්මික ආරවුල් (සංශෝධන) පනත වශයෙන්ද, 2022 අංක 23 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත වශයෙන්ද, 2022 අංක 24 දරන කාර්මික ආරවුල් (සංශෝධන) පනත වශයෙන්ද අද (16)  සිට බලාත්මක විය.

මෙම පනත් කෙටුම්පත් තුන  විවාද කිරීමකින් තොරව පසුගිය 08 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත විය.