IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මෛත්‍රීපාලට නොතීසි

(නිමන්ති රණසිංහ)

ආරක්ෂක අමාත්‍යවරයාව සිටිමින් පාස්කු ඉරිදා තස්ත්‍ර ප්‍රහාරය පිළිබඳ තොරතුරු දැන දැනත් එය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා ලබන ඔක්තෝබර් මස 14 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද (16) නොතීසි නිකුත් කළේය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පාදයක් අහිමි වූ යේසුරාජ් ගනේෂන් මහතා සහ සිරිල් ගාමිණී පියතුමා අධිකරණය හමුවේ ඉදිරිපත් කළ පෞද්ගලික පැමිණිල්ලක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙන්ම මෙම නියෝගය නිකුත් කළේය.

ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා මගින් අධිකරණයට ඉදිරිපත් කල පෞද්ගලික පැමිණිල්ලක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙලෙස නොතීසි නිකුත් කර ඇත.



අදහස් (8)

මෛත්‍රීපාලට නොතීසි

alwis Saturday, 17 September 2022 02:33 AM

හෙට අනිද්දා වෙනකොට බලන්නකෝ ඔන්න හාල් හිඟයක් ඇතිවෙනවා . මිල ගණනුත් වැඩි වෙනවා..

:       0       2

Perera Saturday, 17 September 2022 12:56 PM

අද නොතීසි , හෙට පැමිනිල්ලේ තාක්ෂණික දෝශ හේතුවෙන් නිදොස් කොට නිදහස්.

:       0       4

maheshperera Sunday, 18 September 2022 12:15 PM

කල කම් පලදේ

:       1       1

tharushaumesh Sunday, 18 September 2022 12:19 PM

මොහුට මරණ දඬුවම දිය යුතුයි

:       0       4

senasiraaSunday, 18 September 2022 01:26 PM

ඉස්සෙල්ලම බූවල්ලෙන් ගහලා ගහලා ඊට පස්සේ අර ඉන්දියාවෙන් ගෙනාපු ලණුවකින් එල්ලලා දාන්න ඕන.

:       0       4

randulravimal Sunday, 18 September 2022 12:27 PM

මොකද දැන් නෑ එක පාරටම

:       0       0

nimalfernando Sunday, 18 September 2022 12:34 PM

මිනී මරුවා

:       0       2

Rata Perata Sunday, 18 September 2022 01:09 PM

ඕනෑවට වඩා චූන් වෙන්න එපා මේවට. මුන් ඔක්කොම යාළුවෝ. අනිත් එක ඕකෙ මහමොළකරු කවදාවත් අල්ලන්නේ නෑ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 635 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 306 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site