(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන පරිපාලනය ඩොලර් මිලියන 40 ක් (රුපියල් කෝටි 1400 අධික) රැස්කර ඇති බවත් ක්‍රිකට් පරිපාලනයට මඩ ගසා වැට්ටීමට උත්සහ කරන පුද්ගලයන්ගේ ඉලක්කය එම ඩොලර් ගිලදැමීම බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා අද (15) පැවසීය.
ක්‍රිකට් පරිපාලනයට ප්‍රශ්න ඇති කර අතුරු කමිටුවක් පත්කළ පසු ක්‍රිකට් ආයතනය නැවත ණය කිරීම පිරිසකගේ ඉලක්කය බව කී ශම්මි සිල්වා මහතා පසුගිය කාලයේ ණය මත කටයුතු කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය වසර කීපයේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් ණය ඉල්ලා නොසිටීම පිළිබඳව පැසසුමට ලක්ව ඇති බව ද සඳහන් කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් මූල්‍ය තත්වය හොඳ තත්වයක තිබෙන විට පරිපාලනය ඩැහැගැනීමට පසුපස සිටින පුද්ගලයන් කවුදැයි දැනුවත් සිටින බවත් එවැනි පුද්ගලයන්ට ක්‍රිකට් පරිපාලනය ඩැහැගැනීමට කිසිඳු ඉඩක් නොතබන බවත් සභාපතිවරයා වැඩි දුරටත් කීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී අද (15) පස්වරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා එසේ පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා එම මාධ්‍ය හමුවේදී පැවසුවේ කවුරු චෝදනා කළ ද වර්තමාන ක්‍රිකට් විධායක කමිටුව වඩාත් විනිවිදභාවයෙන් යුතුව කණ්ඩායමක් ලෙස කටයුතු කරන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැච් දිනුවෙ කොල්ලන්ගෙ දක්ෂතාවය, කැපවීම සහ අවංක භාවය මත මිස ක්‍රිකට් පාලක මණ්ඩලයේ හොඳකම නිසා නොවේ. ක්‍රිකට් පාලක මණ්ඩලය යනු හොරගුහාවක් බව කෝ කමිටුවේ දි හෙළි වුණා. මණ්ඩලේ මුදල් සම්බන්ධව නියම විදියට විගණනනයට ලක් කරමින් නිතරම අවධානයෙන් ඉන්න ඕන.
ලෝකයේ අනිකුත් සංගම් එක්ක බලද්දී ඩොලර් මිලියන හතළිහක් කියන්නේ සොච්චමක්. ක්‍රිකට් ආයතනයේ ණය ඩොලර් බිලියනයක් වත් ඇති නේද...?
ඩොලර් කෝටි 4 මොන බම්බුවකට ක්‍රිකට් ආයතනයේ තියාගෙන ඉන්නවාද? කාවෝ කාවා වගේ ඔය සල්ලි ටික ටික නැතිවෙන්න කලින් රජයේ අවශ්‍යතාවලට පවරා ගන්න. වරායේ නවතා ඇති තෙල් නැව් වලට ගෙවන්න ගන්න.