(රංජන් කස්තුරි)
රාජ්‍ය නිලධාරීන්ට විදේශ රැකියාවක නිරතවීමට පමණක් නොව දේශීය වශයෙන් වෙනත් රැකියාවක හෝ කාර්යයක නිතරවීමට වසර පහක උපරිමයකට යටත්ව වැටුප් රහිත නිවාඩු ලබාගත හැකි බවට රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාන අමත්‍යංශය සඳහන් කරයි.
රජ්‍ය නිලධාරීන්ගේ ජ්‍යෙෂ්ඨත්වය සහ විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි එම වැටුප් රහිත නිවාඩු ලබාදෙන බව එම අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වේ.
මාණ්ඩලකි නොවන සේවාවන්වල රජ්‍ය නිලධාරීන්ට පමණක් පරිවාස කාලය තුළදී වුවද එම නිවාඩු ලබාගත හැකි බව එම චක්‍රලේඛයේ සඳහන් කර තිබේ.
වැටුප් රහිත නිවාඩු ගත කරන රාජ්‍ය නිලධාරීන්ට රාජ්‍ය සේවයෙන් ඉල්ලා අස්වීමට නියමිත සුදුසුකම් සපුරා තිබේ නම් එලෙස සේවයෙන් ඉල්ලා අස්වීමට අවසර හිමිවන බව ද එම චක්‍රලේඛයේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මොන විකාරයක්ද? නිවාඩු ඉන්න කාලෙත් විශ්‍රාම වැටුප ගණන් ගන්න බැහැ. රජයේ ආයතනවල වැඩිපුරම ඉන්න සේවකයෝ තෝරා වන්දි ගෙවලා ඉවත් කරන්න. කල් මරන හැම මාසෙකටම රැපියල් කෝටි 1000 ක් පමන පාඩු වෙනවා. මේ පාඩුව විඳ දරාගන්න වෙන්නේ රටේ බදු ගෙවන ජනතාවට.
ත්‍රිවිධ හමුදාවෙ අයට මේක අදාල වෙන්නෙ නැද්ද?
එතෙර හරි මෙතෙර හරි කිසිම සුදුසුකමක් නැතුව ගොට්ට අල්ලලා ආපු බහුතරයක් 9ට වැඩට ඇවිත් 4ට දුවන්න ඉන්න උන්ව ගන්න රටක් පුද්ගලික ආයතනයක් තිබ්බොත් ඇති... ඔකුන්ගෙන් බහුතරයක් එලදෙනුන්ටත් පිරිමි උන් ටික ඒ රටවල එලදෙනුන්ට කෘතිම සිංචනය කරන එකට ත් විතරක් විකුණන්න පුලුවන් වෙයි.. නැත්තං මුන්ට රස්සා සුම්ම...