(රංජන් කස්තුරි)

ලබන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති නිසා එදින පාසල් වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරයි.

එම නිවාඩුව රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා ද ලබා දෙන බව එම අමාත්‍යංශය කියයි.

දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවය යෙදෙන ලබන සඳුදා  හෝක දිනයක් ලෙසද ප්‍රකාශයට පත් කර ඇත.