
(සුමිත් පොතුපිටිය,බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ තුසිතද සිල්වා
බේරුවල මාගල්කන්ද මුහුදේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනකු අද (15) දහවල් දියේ ගිලී මියගොස් ඇති අතර, එක් තරුණයකු රෝහල් ගතකර ඇතැයි බේරුවල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේ පදිංචිව සිටී ඩබ්ලිව්.ප්‍රභානු කෞෂල්‍යය සහ චලන දිල්ශාන් නැමති 19 සහ 20 වියැති දෙදෙනකු බවත්, රෝහල් ගතකර ඇත්තේ 18 හැවිරිදි තරුණයකු බවත් සදහන් වේ.
තරුණයන් තිදෙනා මුහුදේ දිය නාමින් සිටියදී එක්වරම රළ පහරට හසුව ගසාගෙන ගොස් ඇති අතර, ප්‍රදේශවාසීන් විසින් ප්‍රථමයෙන් එක් තරුණයකු බේරාගෙන රෝහල් ගතකර තිබේ.
පසුව නාවික හමුදාව සහ ප්‍රදේශවාසීන් කළ සෝදිසි මෙහෙයුමේ දී අනෙක් තරුණයන් දෙදෙනාද සොයාගෙන ඇති අතර, ඒ වනවිටත් ඔවුන් මියගොස් සිට ඇත.
මියගොස් ඇති තරුණයන් දෙදෙනාගේ මෘත දේහයන් බේරුවල ප්‍රාදේශීය රෝහලේ තැම්පත් කර ඇති අතර , දිවි බේරාගත් තරුණයා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.
බේරුවල පොලිසිය පරීක්ෂණ පවත්වති .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පින්තුරෙන් රටේ ආර්ථිකේ ගැනත් අනාගතේ ගැනත් හොඳ නිදර්ශනයක් දෙනවා. සතියේ වැඩ කරන දවසක දවල් වෙලාවේ අත්දෙකෙ ඉනේ ගහගෙන කට ඇරගෙන බලා ගැන ඉන්න මේ වැඩ කළහැකි වයසේ මිනිසුන්ට වෙලාව තියෙන්නේ කොහොමද? ඇයි මේ මිනිස්සු කන්තෝරුවල, කර්මාන්තශාලාවල, ගොවිපොලවල්වල නැතුව පාරේ රස්තියාදු වෙන්නේ? එකට හේතුව තමයි රටේ සේවාවන් හෝ භාණ්ඩ නිෂ්පාදනයක් නැහැ, තියෙන්නේ පාරිබෝජනේ විතරයි.ඒ කියන්න හම්ඹ කරන ආර්ථිකයක් නෙමයි අපිට තියෙන්නේ වියදම් කරන ආර්ථිකයක්.
පහුගිය කාලේ පුරාවටම දියේ ගිලී කොතරම් මිය ගියාද . ජීවිත අවදානම් බව දැන දැනත්,අනතුරු අගවා තිබියදීත් මොකට පීනන්ඩ යනවද?