(ගයාන් සූරියආරච්චි)
වලාන මධ්යම දූෂණ ප්රහාරක බළකාය නිලධාරීන් ඇතුළු පරිගණක විශේෂඥයෝ කණ්ඩායමක් නාරාහේන්පිට මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවට පෙරේදා (29) හදිසියේ කඩා පැන පුරා පැය 24 කට අධික කාලයක් තිස්සේ එහි පරිගණක පද්ධතියේ තිබූ දත්ත සියල්ලම පිටපත් කරගත්හ.
මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ මීට වසර කීපයකට පෙර සිදුවූ බව කියන දූෂණ අක්රමිකතා සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනයකට අදාලව එම දෙපාර්ත්මේන්තුවේ පරිගණක දත්ත සියල්ල පරිගණක විශේෂඥයෝ පිටපත් කරගනු ලැබූහ.
අධිකරණයෙන් ලද නියෝග මත වලාන මධ්යම දූෂණ ප්රහාරක බළකායේ නිලධාරීන් ඇතුළු පරිගණක විශේෂඥයෝ කණ්ඩායමක් මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවට 29 දහවල් පැමිණ නොකඩවා 30 රාත්රී වනතුරු දත්ත පිටපත් කරගැනීමේ කටයුතුවල නිරතවූහ.
ඒ අනුව වසර කීපයකට ඉහත සිට ලියාපදිංචි කර ඇති වාහනවල සියලුම තොරතුරු ලබාගැනීම සිදුකෙරුණු අතර එහි පරිගණක පද්ධතිවලින් ලබාගන්නා දත්ත විමර්ශනය කිරීමෙන් අනතුරුව ව්යාජව සකස් කළ මෝටර් වාහන සම්බන්ධයෙන් තොරතුරු රැසක් අනාවරණය කරගැනීම ඇතුළු අක්රමිකතා රැසක් අනාවරණය කරගැනීමට හැකිවනු ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
කොළඹ විශ්වවිද්යාලයේ පරිගණක පීඨයේ ආචාර්ය, මහාචාර්යවරුන්, ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදයේ (CERT) නිලධාරීන්, ගව්ටෙක් ශ්රී ලංකා හා ටෙලිකොම් ආයතනයේ විශේෂඥයෝඅ රැසක් ද එම වැටලීමට එක්ව සිටියහ.
හිටපු දේශපාලනඥයන්, සුවිශේෂ පුද්ගලයන්, ව්යාපාරිකයන් ඇතුළු බොහෝ පිරිසක් ලියාපදිංචි කර ඇති සුඛෝපභෝගී මෝටර් රථ පිළිබදව තොරතුරු අනාවරණය කරගැනීමට නියමිතව ඇත.
පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් පරිදි වලාන මධ්යම දූෂණ මර්දන ප්රහාරක බළකාය අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ මෙහෙයවීම මත ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd