(නිමල කොඩිතුවක්කු)

වත්මන් ජනාධිපතිවරයා  රාජපක්ෂ පවුලේ සහ පොහොට්ටුවේ ප්‍රාණ ඇපකරුවෙක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(15) පැවසීය.

ජන පීඩිත ආණ්ඩුව එළවා දමා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථිපිත කිරීම පොදුජන අරගලයේ අරමුණ වුවත් අවසානයේ සිදු වූයේ රටේ ආර්ථික ඝාතකයක් වූ පිරිසට ආවඩන, ඔවුන් ආරක්ෂා කළ හැකි පුද්ගලයකු ජනාධිපති පුටුවේ අසුන් ගැනීම බවත් විපක්ෂනායකවරයා සඳහන් කළේය.

රටේ ආර්ථිකය ඝාතනය කළ රාජපක්ෂවරු ඇමතිකම් බාර නොගත්තත් ඔවුන්ට හිතවත් පාර්ශ්වය විසින් ඇමතිකම් ලබා ගෙන රාජපක්ෂලාට අවශ්‍ය ලෙස රට පාලනය කරන බව සමගි ජනබලවේගයේ අම්පාර ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

ජනතාව අපේක්ෂා කළ වෙනස මෙය නොවන බැවින්  මැතිවරණයකින් එම වෙනස සිදුවිය යුතු බවත් ඒ සඳහා සියලු දෙනාම සූදානම් බව ත් විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේය.