IMG-LOGO

2024 මැයි මස 15 වන බදාදා


‘‘නිව්ස් පේපර්‘‘ සම්මානය රැගෙන බන්දුල දිවයිනට

(ටී.කේ.ජී.කපිල )

17 වැනි කසාන් මුස්ලිම් ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම නළුවාට හිමි සම්මාන හිමි වූ ‘‘නිව්ස් පේපර්‘‘ චිත්‍රපටයේ සම නිෂ්පාදක  අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා එම සම්මානය රැගෙන අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළන් දිවයිනට පැමිණියේය.

පසුගිය 7 වැනි දා සිට 11 වැනි දා පැවැති 17වන කසාන් මුස්ලිම් ජාත්‍යාන්තර  සිනමා උළෙලේදී ද නිව්ස් පේපර් චිත්‍රපටයේ රඟ පෑ කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවලට හොඳම නළුවාට හිමි සම්මානය හිමි වූහ.

ඔවුන් දෙදෙනා මෙම චිත්‍රපටයේ සම අධ්‍යක්ෂවරුන් ලෙස සහ තිර රචනයෙන් ද දායක වී තිබුණි .‘‘ ද නිව්ස් පේපර්‘‘ චිත්‍රපටය  මීට පෙර  අන්තර් ජාතික සම්මාන රැසක් හිමිකර ගැනීමට සමත් විය.

එංගලන්තයේ ‘‘රේන්වෝ අන්තර් ජාතික සිනමා උළෙලේ හෝඳම අධ්‍යක්ෂණයට, ඉන්දියාවේ ‘බැංගලුරු අන්තර්  ජාතික සිනමා උළෙලේ ආසියාවේ හොඳම චිත්‍රපටයත්, කැලිෆෝර්නියාවේ ‘ඉන්ඩ්පෙනන්ස්‘‘ සිනමා උළෙලේ ආසියාවේ හොඳම චිත්‍රපටයත්, ඇමෙරිකාවේ ‘පළමු සිලෝන් අන්තර් ජාතික සිනමා උළෙලේ හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන පහකුත් ඕස්ට්‍රේලියාවේ ‘මෙල්බර්න් ඉන්දීය චිත්‍රපට උළෙලේ ඉන්දියානු උපමහද්වීපික හොඳම චිත්‍රපටය ලෙසත් මීට පෙර සම්මාන හිමිකර ගත්තේය.

සම්මානය රැගෙන ආ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පිළිගැනීම සඳහා සිනමා නළු කුමාර තිරිමාදුර සහ සරත් කොතලාවල , මෙම චිත්‍රපටයේ සම නිෂ්පාදකවරුන් වන එච්.ඩී.ප්‍රේමසිරි , රවීන්ද්‍ර ගුරුගේ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න  සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ නිලධාරීහු එම අවස්ථාවට එක් වූහ.



අදහස් (24)

‘‘නිව්ස් පේපර්‘‘ සම්මානය රැගෙන බන්දුල දිවයිනට

Nayan Thursday, 15 September 2022 12:33 PM

වහල්ලු... කලාකාරයින් වුණාම මීටවඩා හොඳ විඥාණයක් ඇතියි කියලා හිතුවේ... මේ දෙන්නට...

:       16       14

ganegoda Thursday, 15 September 2022 12:49 PM

ගත්ත ණය නොගව්වට නේද බන්දුලට සම්මානයක් දෙන්න තිබුණෙ? කවුද මෙතන මේ බන්දුලව වටකරන් ඉන්නෙ.

:       26       52

අමර Thursday, 15 September 2022 01:38 PM

හොඳම නලුවා නිශ්පාදක රැගෙන ආ සම්මානය දෙස බලා සිටී

:       3       54

Jothi Thursday, 15 September 2022 01:52 PM

ආචාර්යතුමාට ඩිප්ලෝමා එකක් ලැබිලා... සතුටුයි.

:       0       8

උපාසක Thursday, 15 September 2022 01:55 PM

තිරිමාදුර සම්මානෙ දිහා ඇහැ ගහගෙන ඉන්නෙ කෝකටත් කියලා.

:       4       37

sharm warn Thursday, 15 September 2022 03:10 PM

එතකොට කතාවෙ ප්‍රධාන නලුව බන්දුලද?

:       6       48

JunaidsThursday, 15 September 2022 06:50 PM

නෑ බං.... උඹෙ මෑණියෝ.

:       28       0

Viraj Perera Thursday, 15 September 2022 03:23 PM

නියම නලුවෙක් තමයි බන්ඩදුල

:       5       35

විපරමා Thursday, 15 September 2022 03:49 PM

ආර්තික ඔස්තාර් රන්ගපෑමක් කරලා?

:       5       29

amila Thursday, 15 September 2022 04:16 PM

දේශපාලකයෝ කියන්නේ කොහොමත් නළුවෝ තමයි.

:       3       25

Santhu Thursday, 15 September 2022 05:12 PM

කුමාර තිරිමාදුර මහතාණෙනි, සරත් කොතලාවල මහතාණෙනි, ඔබ දෙදෙනාට සුබපැතුම්...!

:       0       19

ruwan Thursday, 15 September 2022 05:56 PM

එහෙන් දුන්නු ඔරිජිනල්ම සම්මානේ කියලා කොහොමද කියන්නේ පේනවනේ අරන් ඇවිල්ලා තියෙන පුද්ගලයා. මගදී මොනවා වුණාද දන්නේ නැහැ...

:       0       8

Nihal Thursday, 15 September 2022 06:54 PM

හොඳම නළුවන්ට වීසා නොදුන්නවත්ද?

:       0       7

ගමේ එකාලා Thursday, 15 September 2022 07:04 PM

බලන් ගියාම බන්දුල සෑර් හොද වැඩ්ඩෙක්නේ. නිකම් නෙවෙයි සම නිෂ්පාදක. අනික් අය පව්?

:       0       3

ලුම්බිණි Friday, 16 September 2022 05:10 AM

ලැජ්ජයි බන්දුල... ඕක දෙන්න දිනපු අයටම...

:       3       15

Nalaka Friday, 16 September 2022 10:06 AM

හොඳම චිත්‍රපටයට සම්මානය ලැබුණා නම් තමයි නිෂ්පාදක සම්මානය ගන්නේ... මෙතන නළුවාට, අධ්‍යක්ෂකට සම්මාන ලැබුණාම නිෂ්පාදක ඒක ගත්තේ කොහොමද? මෙයා එතැනත් නියම දේශපාලුවා වෙලා තව කෙනෙක්ගේ අවස්ථාව අරගෙන... මොහු ගියේ එයාගේ සල්ලිවලින් වෙන්න ඇති... නමුත් රටේ ආර්ථිකය හදන්න බැරි කෙනා මේ වගේ අවස්ථාවක..! අනේ මන්දා අර තව එක්කෙනෙක් පාටි දාලා තිබුණේ... අපි මෙහෙ ලංකාවේ මිනිස්සුන්ට කන්න නෑ. බෙහෙත් නෑ කියලා ඒවා එකතු කරකර එවනවා...!

:       0       10

ඉනායතුල්ලා Friday, 16 September 2022 11:59 AM

අර සාමාජිකයින් පස් දෙනෙක් ඉන්න පවුලට මාසික වියදමට රුපියල් 2500 ඇතියි කියපු බන්දුල ගුණවර්ධන තමයි නියම නළුවා මේ වගේ රටේ ආර්ථිකය කාබාසිනියා කරපු මේ නළුවන්ට අර 69 ලක්ෂය ජනතාව සමග අනිත් අයත් ගැලපෙන විදියට සම්මාන දෙන්න ලබන ඡන්දයක් එනකන් බලාගෙන ඉන්නවා...

:       1       3

Bakura Friday, 16 September 2022 01:26 PM

ජයග්‍රහණයක් කොතැනද? එතැනට කඩාපනිනවා. ඇයි අරදෙන්නාට ගුවන්යානාවල යනකොට වමනේ යනවාද?

:       0       7

චන්දිම ෆොන්සේකා Friday, 16 September 2022 03:20 PM

ඔය මිනිහා ඔහොම්මයි. කතා දෙකක් නැහැ නළුවන් දෙන්නාට කියන්න ඇති ඔබලා රඟපෑවාට සම්මානේ ගන්නේ මමයි. ඔබලාට ඕනෑනම් එන්න මගේ දෙපැත්තෙන් නිකන් අර අන්තේවාසික කුක්කන් දෙන්නෙක් වගේ කියලා. ඒ නළුවන් දෙන්නාගේ මුහුණු වලත් ඒක පේනවා නේද? සුනාමි වෙලාවෙ හම්බන්තොටද කොහෙද හිරවෙලා උන්නු වෙලාවක මුළු පවුලම බලාගත්තු ආරක්ෂකයින් දෙන්නත් අර මිනිහට එන්න යවපු හෙලිකොප්ටරයට ගොඩවෙන්න ආවාම ඉඩකඩ තිබිලත් බැනලා පන්න ගත්තාලු.. එයි ඔබලා කොහේද මේකේ යන්නේ? මේක මේ මටයි මගේ පවුලටයි.., යන්න විතරයි එවලා තියෙන්නේ, විකාර නැතුව නුඹලා බස් එකේ වරෙල්ලා කියලා...

:       0       3

prez wick Friday, 16 September 2022 03:30 PM

බන්දුල ගෙ 2500 මාසික ආදායමට සම්මාන ලැබුනද දන්නෙ නෑ.

:       0       2

Dasa P Friday, 16 September 2022 04:26 PM

මමත් මාසෙට 2500 ගානෙ එකතු කරනවා... චිත්‍රපටියක් නිෂ්පාදනය කරන්න සල්ලි හොයන්න.

:       0       4

ජයන්ත Saturday, 17 September 2022 11:24 AM

‘‘මේ රටේ කෘෂිකර්මාන්තය, සේවා කියන සෑම අංශයක්ම චප්ප වෙලා, රුපියල මස්ත බාල්දු වෙලා. සමස්ත ආර්ථිකය කුජීත වෙලා. ඒක කරපු අයගේ හක්ක මාට්ටු වෙලා බොක්ක පැනලා ඉන්නවයි කියලා තමයි කියන්න වෙන්නේ. ‘‘

:       1       2

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 17 September 2022 01:41 PM

අප ආසා කරන මේ නළුවන් දෙදෙනාට අපගේ ප්‍රණාමය..!!! ඒත්, දැකීමට ප්‍රියනොවන මුහුණක් හා තොරතෝංචියක් නැතිව කියවන කෙනෙකු නිසා මේ දෙයෙහි නියම සැමරීම සිතට අවංකව කරන්න බැරිවුණා නේද කියලා හිතෙනවා. මීට පස්සේ වත්, ජනතාවට එපා නොවුණු නිෂ්පාදකයෙකු සොයාගන්න වගබලා ගන්න...

:       0       2

Sam Gamage Sunday, 25 September 2022 09:57 PM

ලැජ්ජාවක් නැතිව සම්මානය අල්ලගෙන ඉන්න හැටි... නිෂ්පාදක වුණාට නිර්මාණයේ සම්මානීය ගෞරවය තියෙන්නේ මේ නළුවන් දෙන්නාට නේද? ඔබලා වගේ අය නිෂ්පාදකයින්ටත් නිගාවක්... නලු නිලියන් මීට පසු නිෂ්පාදක කවුරුදැයි බලා එකතු විය යුතුයි. මේ කළේ නිර්ලජ්ජී වැඩක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලක්ෂ 90ක මත් තැපෑලෙන් අල්ලයි
2024 මැයි මස 15 155 0

රුපියල් ලක්ෂ 90 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගත් බව අතිරේක රේගු අධ්‍යක්ෂ ජෙනරාල්, රේගු මාධ්‍ය ප්‍


’’තව 40000ක් ඊශ්‍රායල් රැකියාවලට යවනවා’’
2024 මැයි මස 15 291 1

ශ්‍රි ලංකාව නොබැඳි ජාතීන්ට අයත් රටක් වන බැවින් වෙනත් රටවල දේශපාලන කටයුතු වලට බලපෑම් කළ නොහැකි බවත්, පාර්ලිමේන්තුවේ උද්ඝෝෂණ කිරීමෙන් ඊශ්‍රායල් යුද්ධය


කටුමැටි පැලේ අලිගැවසෙන වනය මැද නිවුන් පුතුන් තිදෙනකු බිහි කෙරුව සඳ
2024 මැයි මස 15 366 1

හබරණ පුවක්පිටිය මහා වන මැද පුංචි කටු මැටි ගැසූ පැලක ජිවත් වූ තරුණ මවක පසුගිය අම්මා වරුන්ගේ දිනයට පැය කිහිපයක් තියෙද්දී දඹුල්ල රෝහලේදී තුන් නිවුන් පිර


සා.පෙළ විද්‍යා පේපරේට නිදහස් ලකුණු 2ක්
2024 මැයි මස 15 266 1

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න දෙකක් සඳහා නිදහස් ලකුණු දෙකක් පිරිනැමීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අනිත් ජයස


ලංකා පසට අලුත් පොහොරක් නිර්දේශ කරයි
2024 මැයි මස 15 258 2

ආනයනික ත්‍රිත්ව සුපිරි පොහොර (TSP- Triple Super Phosphate) වෙනුවට ආදේශකයක් ලෙස සිංගල් සුපර් පොස්පේට් (SSP- Single Super Phosphate) පොහොර මෙරට පසට ඉතාමත් යෝග්‍ය බව කෘෂිකර්ම දෙපාර්තමේන්ත


අසිත ප්‍රනාන්දුට වීසා දෙයි
2024 මැයි මස 15 926 2

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා ඇමෙරිකානු වීසා ප්‍රතික්ෂේප වූ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුට වීසා අද (15) ලැබුණු බව ශ්‍රී ලංකා ක්‍


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 715 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2238 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1924 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site