
(ෂමින් පණ්ඩිතරත්න - ජිනීවා නුවර සිට )
රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරිපිට දැවැන්ත උද්ඝෝෂණයක් හා සත්‍යගහයක් සංවිධානය කර තිබිණි.
මර්දනය නවතනු, අරගලයට අත නොතබනු, අරගලයේ ක්‍රියාකාරීන් වහා නිදහස් කරනු, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු, අරගලයට පහරදුන් මැරයන් අත්අඩංගුවට ගනු, ලංකාවේ ආණ්ඩුවේ අත්තනෝමතික මර්දනයට එරෙහි වෙමු ආදි සටන්පාඨ පුවරු රැගත් යුරෝපයේ වෙසෙන විශාල ශ්‍රී ලාංකිකයෝ පිරිසක් මෙම උද්ඝෝෂණයට සහභාගි වී සිටියහ.
මේ සඳහා නීතිඥ නුවන් බෝපගේ මහතා හා සමාජ ක්‍රියාකාරි ෂෙහාන් මාලක ද සහභාගි වූහ.
එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිය ආරම්භ වූ දින ජිනීවා පිහිටි එම කාර්යාලය ඉදිරිපිට සත්‍යගහයක් ද පැවැත්විණි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් තිදෙනකු සඳහා රැඳවුම් නියෝග (DO) නිකුත් කිරීම,සාමකාමී විරෝධතාකරුවන්ට පහරදීම, පැහැරගැනීම්, සිරගත කිරීම් සහ බිය ගැන්වීම් පිළිබඳ ශ්‍රී ලංකා රජයට චෝදනා කරන වගන්ති 31 න් යුත් වාර්තාවක් නීතිඥ නුවන් බෝපගේ මහතා විසින් බාරදීමට නියමිතව ඇත.
ආණ්ඩුවේ මර්ධනයට එරෙහිව යුරෝපයේ වෙසෙන ලාංකිකයන් ස්ට්‍රාස්බර්ග් පිහිටි යුරෝපීය පාර්ලිමේන්තුව ඉදිරිපිටද ඉදිිරියේදී දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට කටයුුතු කරන බව මෙහි සංවිධානයෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර කුසලාන දිනාගත්තු අයත් මේවාට සහභාගි විය යුතුයි. නැතිනම් වැඩක් නැත..
දේශබන්දුවයි, පොලිසියේ රැළකුයි ජිනීවා යවලා මොවුන් සේරමත් අල්ලලා PTA එක යටතේ හිර කරන්න බැරිද?
දැවැන්ත උද්ඝෝෂණයක්?.. බැනර් 3යි නේ...!!!