(සුජිත් හේවාජුලිගේ )
නව අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක සහ එක්සත් ජාතික පක්ෂයේ සභාපති ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන යන මහත්වරුන්ටද ඇමැති ධූර පිරිනැමෙනු ඇතැයි රජයේ ආරංචිමාර්ගවලින් දැනගන්නට ඇත.
කැබිනට් අමාත්‍යවරුන් තවත් 12 දෙනකු ඉදිරි දිනවල පත් කිරීමට නියමිතය.මෙම දෙදෙනා ඇතුළත් වන්නේද එම ලයිස්තුවටය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හය දෙනෙකුට රාජ්‍ය අමාත්‍යධුරද පසුගියදා පිරිනැමිණ.
චාමර සම්පත් දසනායක, ලසන්ත අලගියවන්න , රංජිත් සියඹලාපිටිය,සුරේන් රාඝවන්, ශාන්ත බණ්ඩාර සහ ජගත් පුෂ්පකුමාර රාජ්‍ය අමාත්‍ය ධූර හිමිවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්
හය දෙනාය.
කැබිනට් අමාත්‍යවරුන් ලෙස ඉදිරියේදී පත් කිරීමට නියමිතව සිටින වැඩිදෙනා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වජිර යනු ගාලු දිස්ත්‍රික්කයෙන් ඡන්ද 5000 ක් ගන්න බැරි පුද්ගලයෙක්.
දැං ඉතිරි වෙන්නේ මෛත්‍රී විතරයි නෙ. එයාටත් ඔන්න වනිතා කටයුතු රාජ්‍ය ඇමති කමක් වත් දෙන්න.
සමස්ථායක් වශයෙන් ගත්කළ ලාංකිකයන් පිරිහෙමින් යන ජාතියක්. අපි නිදහස ලබාගන්න විට සිටි සර් ජෝන් කොතලාවල වගේ කෙනෙක් කරපු වැඩ කරන්න අද තුන් හතර දෙනෙක් අවශ්‍යයි. අද ලාංකිකයන් බහුතරයක් දේශපාලකයනගේ බෙරු පොරොන්දුවලට රැවටිලා හැම දෙයක්ම රජයෙන් කරදෙනකම් බලා සිටිනවා.
මේ ජනාධිපති පත්වූ දා ඉඳන් තනතුරු, පත්වීම් දෙන එක නම් අඩුවක් නැහැ. එච්චරයි අපිට දැකින්න තියන්නේ. නොබෝ දිනකින් අර්ජුන් මහේන්ද්‍රන්ටත් නව තනතුරක් පිරිනැමෙනු ඇත. එතකොට අංග සම්පූර්ණ ආණ්ඩුවක්.
මේ වජිර කියන පුද්ගලයා අවුරුදු 40ක් පමණ දේශපාලනේ ඉන්නවා. නමුත් පළාතට හෝ රටට කරපු කිසිම සේවයක් නැහැ. එම නිසා මිනිස්සු මනාපෙ දෙන්නේ නැහැ. කොහොම නමුත් මොකක් හරි ඩීල් එකක් දාලා හැමදාම අනුන්ගේ පානෙන් එළිය බලලා ඔහු ගොඩයනවා. කරුණාකර පක්ෂ පාට කුමක් වුණත් මෙවැනි දේශපාලකයෝ දුටු තැන අප්‍රසාදය පලකරන්න ජනතාව පෙළගැසිය යුතුය.
මේ කාලකණ්ණි දේශපාලකයින් ඉන්නකන් රටට කිසිම සෙතක් නැහැ.
වජිරට ජීවිතේට ජනතාවගේ ඡන්දෙන් පාර්ලිමේන්තු යන්න නම් බැහැ. ලැයිස්තුවකින් ගියොත් මිසක්...