(ඉන්දිකා රාමනායක)
අපරාධයක් සිදුකිරීමේ අරමුණින් කඩුවක් සහිතව යාපනය මනිපායි ප්‍රදේශයේ නිවසක සැඟව සිටි තරුණයින් සිව්දෙනකු ඊයේ (11) රාත්‍රියේ අතඅඩංගුවට ගත් බව මනිපායි පොලිසිය කියයි.
යතුරු පැදි 4න් පැමිණි තරුණයින් පිරිසක් පාළු නිවසක රැදී සිටින බවට ලද තොරතුරකට අනුව පොලිසිය මෙම වැටලීම සිදුකර ඇත.
සැකකරුවන් සිව්දෙනා 20, 21, 23 යන වයස්වල පසුවන තරුණයන් බවත්, මොවුන් කිසියම් අපරාධයක් සිදුකිරීම සදහා මෙලෙස සැඟව සිටින්නට ඇති බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd