(ඉන්දිකා රාමනායක)
රිමාන්ඩ් බාරයට පත්කර සිටි නිළි දමිතා අබේරත්න මහත්මියගේ සුවදුක් විමසීම සඳහා වැලිකඩ බන්ධනාගාරයට ගිය ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ආචාර්ය හරිනි අමරසූරියට මහත්මියට බන්ධනාගාර නිලධාරීන් බාධා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරිවරයකු යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
මන්ත්‍රීවරිය වැලිකඩ කාන්තා අංශය වෙත ගිය අවස්ථාවේ එහි පිරිස මන්ත්‍රිවරිය මිනිත්තු 40 ක කාලයක් පමණ බන්ධනාගාරයේ කාන්තා අංශයට ඇතුලුවීමට ඉඩ ලබා නොදුන් බවට වාර්තා වේ.
විපක්ෂ නායක සජිත් ප්රේීමදාස සහ පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න යන මහත්වරුන් දමිතා අබේරත්නගේ සුවදුක් විමසීමට එම බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්රීම ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියට ද එම අවස්ථාව සලසාදීමට බන්ධනාගාර කටයුතු කර ඇති බවද බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක , පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතාගේ කළ විමසුමකදී ඒ මහතා පැවසුමේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනගාරයේ අධිකාරිවරයා යටතේ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
මේම සිදුවීම සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා වෙත ලැබී තිබු පැමිණිල්ලකට අදාලව ඒ මහතාගේ දැනුම් දීම මත මෙම විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"බන්ධනාගාර නිලධාරීන් බාධාකළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරිවරයකු යටතේ විමර්ශනයක්" නරකද ඕක නොකරම ඉන්න එක...?
එහෙම නම් මේ සිද්ධියත් යටපත්... පරීක්ෂණ පවත්වනවා කියන එක යටපත් කරන්න තමයි. ලොහාන් රත්වත්තේත් එල්ලුම් ගහ පෙන්නන්නට ගිය එකටත් පරීක්ෂණයක් පැවැත්තුවා නේද? ඒ වගේම නිරූපමා රාජපක්ෂගේ පැන්ඩෝරා වාර්තාව පිළිබඳවත් පරීක්ෂණයක් පැවැත්තුවා...
මේක හරියට හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ... මේවට මානව හිමිකම් යන්න ඕනේ...!
මෙයත් ආචාර්ය උපාධියක් තිබුණට සජී වගේම නිසා යන්න දෙන්න තිබ්බේ... පව්නේ...!
රංජන් රාමනායක මහතා නිදහසු වූ පසු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කිව්වා නේද ඇතුලේ වැඩ සිදුවන විදිහ... මෙන්න සාක්කි..!
හොරාගේ අම්මාගෙන් පේන ඇසීම... !
මෑත කාලයේ ශ්‍රී ලංකාවේ සමහර රාජ්‍ය නිලධාරින්... දේශපාලනඥයින්ගේ අතකොළු බවට පත්ව ඇති නිසා මෙවැනි දේ සාමාන්‍යකරණය කිරීමට.. ඉහළ නිලධාරීන් කටයුතු කිරීමට ඉඩ ඇත...
මෙි උත්තමාවිය රජයේ ආයතන කාර්ය පරිපාටි සංග්‍රහය ( ආයතන සංග්‍රහය ) පරිශීලනය කළා නමි ?????