
(විමුක්ති එස් රොද්‍රිගූ)
දේශපාලකයන්ගේ සහ රජයේ ඇතැම් ඉහළ නිලධාරීන් තම නිලය භාවිත කරමින් වාසි ලබා ගැනීමට තැත්කිරීම ඇතුළු කරුණු රාශියක් ශ්‍රී ලංකාවේ කඩා වැටීමට හේතු වූ බව ජාත්‍යාන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය පැවැසුවාය.
ඇමෙරිකා තනාපති කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පවර් මහත්මිය මේ බව පැවැසුවාය.
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් ජනවාව විදින දුෂ්කරතා දැක තමන් කනගාටුවට පත් වූ බව ද ඇය ප්‍රකාශ කළාය.
අධික ණය බර,වංචා හා දූෂණ, රසායනික පොහොර භාවිතය තහනම් කිරීම මෙන්ම දේශපාලකයන්ගේ ක්‍රියාකලාපය මෙම තත්ත්වයට මූලික හේතුව බව ද පවර් මහත්මිය වැඩිදුරටත් පැවැසුවාය.
ශ්‍රී ලංකාවට ආධාර ලැබූ පමණින් මෙම අර්බුදයෙන් ගොඩ ඒමට නොහැකි බවත් ඒ සඳහා ආර්ථික සහ දේශපාලනික ප්‍රතිසංස්කරණ සමාන්තරව ක්‍රියාත්මක විය යුතු බව ද කී ඇය ආර්ථික හා දේශපාලනික වගවීම අවශ්‍ය බවත් කීවාය. දේශපාලකයන් මෙන්ම රජයේ ඇතැම් ඉහළ නිලධාරීන් තම නිලය භාවිත කරමින් වාසි ලබාගැනීමට තැත්කරන බව ද ඇය අවධාරණය කළාය.
ශ්‍රී ලංකාවට අතිරේක සහායක් ලෙස ඇමෙරිකා ඩොලර් කෝටි 6ක මුදලක් ලබා දෙන ලබා දෙන බව ද සමන්තා පවර් මහත්මිය පැවැසුවාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙත් රාජපක්ෂ පවුලේ දේපළ රාජසන්තක කිරීම සහ ඔවුන් අත්අඩංගුවට ගැනීමක් සිද්ද වෙන්නේ නැහැනේ...!
ලංකාවේ හොරුන් අද ඇමෙරිකාවට පැනගෙන හොඳින් ජීවත් වෙනවා. ඒත් ඇමෙරිකානු රජය ඊට විරුද්ධව කිසිම පියවරක් අරගෙන නැහැනේ...!
වගකිව යුත්තේ මයිනන් සහ කපුටන්ය…..!
මේක අපි දැනගෙන බොහෝකල්. ඒත් අවාසනාවකට වගේ මේ රටේ බොහෝ දෙනෙක් තවමත් මේක තේරුම්ගෙන නැහැ....
දේශපාලනඥයෝ හා ඉහළම රාජ්‍ය නිලධාරීන් විදේශ රටවල් වල ස්ථිර පදිංචි වී සහ පුරවැසි භාවයක් ලබා ගත්තා. ඉන්පසු ඔවුන් කළේ හොරකම් කරපු රුපියල් දොරටුව මාරු කරලා එම රටවල් වලට යැව්වා. එසේත් නොමැති නම් දෙවැනි පාර්ශ්වය රටකට යැව්වා එම රටවල් එම ආයෝජනය ලැබෙන මුදල් දියුණු රටක ගිණුම්වලට ගත්තා.
හරියට හරි. වුණෙත් ඒකයි... වෙන්නෙත් ඒකම තමයි. ලොකුම ප්‍රශ්නය ඔය ටික මෙරට මිනිසුන් හරිහැටි අවබෝධ කර නොගැනීම.
පොහොර තහනමට උල්පන්දම් දුන්නු අය අද හෙමිහිට අනෙක් පැත්තට වෙලා රට විනාශ කරන්න දායක වුණේ මේ කට්ටියම තමයි.
කොච්චර හොරකම් කළත් තමන් කැමැති නායකයාට ඡන්දෙ දෙන ජනතාවත් මේකට වගකියන්න ඕනෑ. ඡන්ද දායකයන්ගේ මොලේ පෑදෙනකන් දූෂිත දේශපාලකයෝ රජ කරන එක නවත්වන්න බැහැ.
දැන් මෙතුමියට කියාවි කුමන්ත්‍රකරු කියල.
අපේ රට වලපල්ලටම වැටුනේ දූෂිත පවුල් පාලනේ සහ ඔවුන් වටේ හිටපු හොර දූෂිතයෝ නිසා. මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ කරලා ජනතාව මහපාරට ඇදලාදාපු දූෂිත දේසපාලුවෝ රකින පින් ජනපතියා කරන්නෙත් ඔවුන්ව රකින එක.
මේ බව තේරුම් නොගත් විශාල පිරිසක් ලංකාවේ සිටිති. මෙම ආර්ථික පුශ්න වලින් වැඩි වශයෙන්ම පීඩාවට පත්වී ඇත්තේ ද ඔවුන්ය.
සම්පූර්ණයෙන් ඇත්ත නමුත් ලංකාව් විනාශ කල හොර කපුටො පැනල යන්නෙ ඇමරිකාවට, පවුල් පිටින් ජිවත් වෙන්නෙ ඇමරිකවෙ ,එහෙ ඔවුන්ගෙ ඩොලර් බිලියන ගනනක දේපල තිබෙනව, කරුනකර එහෙදි ඔවුන්ට විරුදව යම් කිසි පියවරක් අරගන්න , අඩුම තරමෙ දේපල සහ මුදල් අතඩන්ගුවට අරන් ලංකාවෙන්වෙන් අමරිකවට ගෙවිය යුතු ණය ටිකවත් කපා ගන්න. මෙ හොර ආණඩුව ඉදිරියට අවුරුදු 2 පමන තිබෙනව , ආදාර දුන්නට වැඩක් නැහැ ආදාර ඔවුන් බෙදන්නෙ තමන්ගෙ මිනිස්සුන්ට චන්ද ගන්න , මිනිසුන්න්ට කන්න නතිව ඉන්නකොට ඔවුන් නියොජ්ය අමතිවරු 37 පත්කරගෙන වාහන 3 බගින් අරගෙන , විදේශ ගත ශ්‍රී ලංකයො පවා මුදල් එවන්නෙ නැතතෙ , මොවුන් හොරකම් කරන නිො , ආදාර නැති වුනත් කමක් නැහැ , අමරිකව කරුනාකරල ජපානෙ සමග එකතුවෙලා ජත්යන්තර වශයෙන් අපෙ නය ප්‍රති වියුහ ගත කරන වැඩසටහනට සහය දෙන්න. ලන්කවෙ මිනිස්සු චීනට වැඩිය ඇමරිකාවට කවඩත් කැමතියි.
ඇමෙරිකාව ලංකාව කරපු කෙහෙල්මලක් නැහැ. හැමදාම කලේ ලංකාව දේශපාලන ඉත්තන් කරපු එක විතරයි. තමන්ගේ පැවැත්මට. ඔයතරම් කැක්කුමක් තියෙනවා නම් ඒවා කරපු අය කවුද කියලා පැහැදිලිව කියන්න. පොහොර තහනම් කරන්න ඕනෑ ඇමෙරිකාවෙන් අහලද? වීනය ලංකාවේ සංවර්ධනයට උදව් කරනවා. හැබැයි අභ්‍යන්තර ගැටලු වලට මැදිහත් වෙන්නේ නැහැ... මේ වගේ ප්‍රකාශ කරකර. මේක ඕපාදූප හොයනවා වගේ වැඩක්. වැදගත් විදිහට ඉන්න සමන්තා... ඔය USAID වලින් ආණ්ඩු මාරු කරන්නයි ලංකාවේ NGO කාරයන්ට හොරා කන්න සල්ලි එවනවා මිස දුප්පත් මිනිස්සු වෙනුවෙන් මුකුත් කරලා තියෙනවද?
පොහොර ගේන්න ඩොලර් නැතිනිසා පොහොර නිකන් දෙනවා කියලා ගොවියන්ව රවටලා ඡන්ද ගත්තු මිනිහා පොහොර නැත්තටම නැති කළා...
බයියන්ට මේවා තේරෙන්නේ නැහැ.
225ම ගෙදර යැව්වත් ලක්ෂ ගණනක දූෂිත රාජ්‍ය නිලධාරීන් ගෙදර යන්නේ නෑ. හොඳම දේ අපි මේ රට දාලා යන එක...!
ඔබලා වැනි අමන වහල්ලු සිටිනතාක් කල් මේ රටට අඹ සරණයි. අවුරුදු හැත්තෑ හතරක් තිස්සේ පක්ෂ දේශපාලකයින්ට කඩේ ගිහිල්ලා මේ රටට කරපු විනාශයට ඔබලා වැනි අපතයිනුත් වගකිව යුතුයි.
මේකට සම්බන්ධ ඇමරිකාවේ ඉන්න අයට මොනවද වෙන්නේ..?
ඇවිල්ලා දවස් 2න් මේවගේ දේවල් හොයාගන්න පුළුවන්.. දක්ෂකමක් තියෙන මේ නෝනාට අනුර කුමාරගේ ෆයිල් ටිකත් දුන්නොත් නරකද?
මේ විනාසෙට වගකිව යුත්තන් සිටින්නේ ඇමරිකාවේ. ඔවුන්ට නීතිමගින් දඬුවම් දිය යුතුයි. විදෙස්වල ජීවත්වෙන සියලුම ලාංකිකයින්ද ඊට එකඟ වෙනවා ඇති...
ඩොලර් වලට කොටි නැහැ.. මේකෙ ඉන්නේ බූරුවන්...
තට්ටක් එල්ලන්න ගිහිල්ලා කපුටු පවුලටයි, ඒ වටේ ඉන්න හැතිකරේටයි එකපාරක් වුණා මතක නැද්ද? ආයෙත් මිනිස්සු එක්ක සෙල්ලම් කරලා හොර තක්කඩින් සහ අනෙක් ඔක්කෝටම වලපල්ලට යන්නයි වෙන්නේ.. මිනිස්සු පාරට බැස්ස දවසට..!
ලෝකයේ පොහොසත් දියුණු රටක් වන ජර්මනියේත් කාබනික පොහොර යොදලා කරපු නිෂ්පාදන අලෙවිය තියෙන්නේ 15-20% අතර ප්‍රමාණයක්.. මේවා දැනගෙන ලංකාව කරගත්තු විනාශය හොඳටම ඇති...
සම්පූර්ණයෙන්ම එකඟයි.. වැරැදිකරුවන් සියල්ලන්ටම දඬුවම් දීමටත් එය වැදගත්...
මෙරට ඇතැම් දේශපාලනඥයින් පමණක් නොව ඉහළ නිලධාරින් බොහෝමයක්ද වංචා, දූෂණයට සම්බන්ධ බව සැබෑයි. දේශපාලකයින්ට හොරාකෑමට මග සකසා දෙනු ලබන්නේ දූෂිත ඉහළ නිලධාරින් බැවින් මේ සම්බන්ධයෙන් සොයාබලා දඬුවම් ලබා දීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වීම ඉතා අවශ්‍ය වන නමුත් එවැන්නක් ක්‍රියාත්මක කිරීමට හැකිවේදැයි යන්න සැක සහිතයි.
නිකං විකාර කරන්නේ නැතුව යන දේවාලෙක යන්න සමන්තා. ආයේ කුඹුරු වැඩ පටන්ගන්න කාලෙක කියන්නම්, ඇවිත් හාලා දෙන්න. මෙච්චරකල් ඔයාලගේ ජනාධිපතිලා කරලා දුන්නා වගේ...
රටේ ලෝකෙ ඔක්කොම දැන් දන්නවා රට බංකොළොත් කරපු සෙට් එක ගැන තවම ලැජ්ජාවක් නැතිව නැවත බලේට එන්න බලන් ඉන්නවනේ... ඡන්දෙ ඉල්ලන්න ආවොත් ඉලපත සූදානම් කරගෙන තියාගන්න.
ඉතින් හිටපු ජනාධිපති, හිටපු මුදල් ඇමැති ඇමෙරිකාවේ හිටපු හා දැනටත් ඉන්න පුරවැසියන්... මේ අය ගැනද මෙයා මේ කටමැත දොඩවන්නේ..?
අපේ වැනි රටවල දේශපාලකයින් පත් කිරීමට දායක වන්නේද මොවුන් බැවින් ඒ සඳහා මොවුන්ද සෘජුවම වගකිව යුතුයි...
මදැයි, ඇමෙරිකාවෙන් ඇවිල්ලා කිව්වේ ඕකද? රට ප්‍රපාතෙට වැටුණේ මුදල් අමතිතුමාණෝ කිල්ලට අහුවුණු නිසා කියලා අපි 69 ලක්ෂයම හොඳින්ම දන්නවනේ...!
ලංකාවේ ආර්ථික කඩාවැටීමට රාජපක්ෂලා, කබ්රාල්, ලක්ෂ්මන් සහ ජයසුන්දර වගකිව යුතුයි...!
කො මෙ බමුණ?? අයි එයා මෙතන නැත්තෙ? ලොකු අඩුවක් එයගෙ බයි කතාවක් නැති වුනාම..