
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට, සමාජ ස්ථාවරත්වය පවත්වා ගැනීමට, ආර්ථික ප්‍රකෘතිය ළඟා කර ගැනීමට දැඩි සහායක් ලබා දෙන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වෙනි සැසිවාරයේදී චීනයේ නිත්‍ය නියෝජිත චෙන් සූ මහතා ප්‍රකාශ කළේය.
සංහිඳියාව ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාව දරන අඛණ්ඩ උත්සහාය චීනය අගය කරන බව එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් චෙන් සූ මහතා ප්‍රකාශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතෙක් චිනය ලබාදුන් ණය ලබාගෙන ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතිවලින් සාර්ථක වී ඇත්තේ කුමන ව්‍යාපෘතියද? මත්තල ගුවන් තොටුපල, හම්බන්තොට වරාය, නෙළුම් කුළුණ යන ව්‍යාපෘති හරහා මේ දක්වා ලංකාවට වි ඇති සුගතිය කුමක්ද? එමනිසා තවදුරටත් චිනයේ ණය ආධාර ලබාගෙන කටයුතු කළහොත් අප චිනයේ ණය උගුලට හසුවී ඉදිරියේදි චීන යටත් විජිතයක් බවට පත්වන බව නොඅනුමානයි. අවුරුදු හැත්තෑ හතරක් පුරා රට අරාජිකත්වයට ඇද දැමූ දේශපාලන නායකයින්ට ඔවුන්ගේ පැවත්ම උදෙසා චීනය මත රැඳී කටයුතු කළත් මෙරට ජීවත්වන කෝටි දෙකකට වැඩි ශ්‍රී ලාංකිකයින් හා ඔවුන්ගේ අනාගත පරම්පරාවට චීනා මැදිහත් වීම නිසා ඇතිවන ඉතා භයංකාර හා අහිතකර ආර්ථික ප්‍ර්‍රතිඵල කුමක්ද යන්න වටහා ගැනීමට කාලය එළැඹ ඇත..
ඉස්සෙල්ලා ණය ටික ප්‍රතිව්‍යුහගත කරගන්න සහය දෙන්න. ඒකට විරුද්ධවෙලා දැන් බොරුවට මාධ්‍ය ප්‍රකාශ දෙනවා ලෝකෙ මුලා කරන්න.
චීනෙත් ඉන්නේ වමට සිග්නල් දාමලා දකුණට හරවන රනිල්ගෙම ජාතියෙ නායකයෝ. මේ ගොල්ලා පස්සේ ගියොත් අපි අමාරුවෙ වැටෙනවා.