එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයේ දී ඊයේ (12දා) ශ්‍රී ලංකාව පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවාදයේදී ජිනීවා හි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ චීනයේ නිත්‍ය නියෝජිත චෙන් ෂු මහතා, ශ්‍රී ලංකාවට එරෙහි බාහිර මැදිහත්වීම්වලට විරෝධය පල කළ අතර කිසියම් රාජ්‍යයක අභ්‍යන්තර කටයුතු සඳහා මැදිහත් වීමට මානව හිමිකම් මෙවලමක් ලෙස පාවිච්චි කිරීමෙන් වළකින්නැයි සියලු පාර්ශ්ව වලින් ඉල්ලා සිටියේය.
ත්‍රස්තවාදයට එරෙහි වෙමින් සංහිඳියාව සහ ප්‍රතිසංස්කරණ ඉහළ නංවමින් මානව හිමිකම් ආරක්ෂා කිරීම සහ වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ උත්සාහය චීනය අගය කරන බව තානාපති චෙන් එහිදී අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික මිත්‍ර අසල්වැසියෙකු ලෙස චීනය ශ්‍රී ලංකාවට ජාතික ස්වෛරීභාවය සහ ස්වාධීනත්වය ආරක්ෂා කරමින් සමාජ ස්ථාවරත්වය පවත්වා ගැනීමට සහ ආර්ථිකය ප්‍රකෘතිමත් කර ගැනීම සඳහා උපරිම සහාය ලබාදෙන බවත් තාවකාලික දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා ජනතාවට නායකත්වය දීමට ශ්‍රී ලංකා රජයට හැකි බව තමන් විශ්වාස කරන බව හෙතම වැඩිදුරටත් එහිදී ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව දේශපාලනීකරණයේ ප්‍රතිඵලයක් බව චීන තානාපතිවරයා එහිදී අවධාරණය කළේය. එය අපක්ෂපාතීත්වය, වාස්තවිකත්වය සහ තෝරා-නොගැනීම යන මූලධර්මවලට අනුකූල නොවන බවත් අදාළ යෝජනාව ශ්‍රී ලංකාව විසින් පිළිගෙන නොමැති අතර ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම සහ ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් එම යෝජනා සාධනීය කාර්යභාරයක් ඉටු කර නොමැති බවත් එහිදී ප්‍රකාශ කළේය.
කිසියම් රටක් ශ්‍රී ලංකාවේ පවතින දුෂ්කර තත්ත්වයෙන් ප්‍රයෝජන ගනිමින් ස්වයං අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමට උත්සහ කරන්නේ නම් ඊට චීනය විරුද්ධ වන බව කී හෙතම ශ්‍රී ලංකාව සිය ජාතික තත්ත්වයන්ට අනුකූලව ස්වාධීනව තෝරාගෙන ඇති මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේ මාවතට ගරු කරමින් දේශපාලන බලපෑම් සහ අනෙකාගේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම සඳහා මෙවලමක් ලෙස මානව හිමිකම් පාවිච්චි කිරීමේ පුරුද්ද අත්හරින ලෙස අදාළ පාර්ශවයන්ගෙන් හෙතම වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රජාතන්ත්‍රවාදීව උද්ඝෝෂණය කරන්න තියෙන අයිතීන් ගැන නඩු විභාගවලින් තොරව සිර අඩස්සියේ තබා ගැනීම ගැන චීනෙ මොකුත් දන්නේ නැහැ නේ.
මියන්මාරයේ හමුදා ජුන්ටාව රකින්නෙත් චීනය තමයි. ඒ තමන්ගේ මුහුද හරහා කරන වෙලදාම රැකගන්නයි. ඔය ඇමරිකාවයි චීනයයි දෙකම එකයි. කන්න ඕන උනහම කබරගොයි මාලුත් තලගොයි මාලුවලට හරවනව.
එක ජාතියේ කුරුල්ලෝ එකට වාහන එක පුදුමයක්ද?
චීනය කියන්නේ මියගිය කාන්තාරයක්.. ඒ අය මානව හිමිකම් ගැන තකන්නේ නැහැ. චීනය විශ්වාස කරන්න එපා.
චීනේ ජනතාව ඒකාධිපතියන්ට හිස නමාගෙන හිටියට ලංකාවේ ජනතාව එහෙම කරන්නේ නැහැ. සිංහයෝ කවදාවත් තණකොළ කන්නේ නැහැ. අපි මානව හිමිකම් ගරු කරනවා.
රනිල් රාජපක්ෂ, ලංකාවේ තවත් කෑල්ලක් චීනෙට දෙන්නයි යන්නේ..!
ඇමරිකාවෙන් පිනට කාලා, චීනෙන් ණයට කාලා පිබිදෙන මෝඩ ජාතිය, ආවඩන්නේ ණයට දෙන චීනයටනේ... කොහොමත් චීන්නු, සත්තුන්ට ආදරෙයි.
ඉස්සර නම් මානව හිමිකම් කොමිසම කිව්වාම පුදුම තරහක් ආවේ.. දැන් තමයි තේරෙන්නේ මේ මිනිස්සු හරි මානව හිමිකම් එකට විරුද්ධව අපේ දේශපාලකයෝ මිනිස්සුන්ව අවසානයේදී වැරැදි ප්‍රතිරූපයක් මවලා කියලා. මෙහෙම යනකන් කවදාවත් රටකට ගොඩඑන්න බැහැ.
පට්ට...!
ලොකු මාෆියාවක්, තවත් කුඩා මාෆියාවකට උදව් කරනවා ඇති..