
(ගයාන් සූරිය ආරච්චි)
දැනට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින ලලිත් කන්නන්ගර නොහොත් බස් ලලිත් නැමැත්තාගෙන් ලද තොරතුරක් මත ගිනි අවි දෙකක් සහ උණ්ඩ දෙකක් සොයාගත් බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.
හංවැල්ල, දසවේල්ල මාර්ගයේ මහෝගනී ගසක බෙනයක් තුළ මෙම ගිනි අවි සහ උන්ඩ පොලිසිය සොයාගෙන ඇත.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්ය අංශයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය මෙම වැටලීම සිදු කළේය.
ලලිත් කන්නන්ගර නොහොත් බස් ලලිත් නමැත්තා ඇඹිලිපිටිය, කිරලවැල්කොටුව ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙකි.
අත්අඩංගුවට ගත් ගිනි අවි සහ උණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
එම කාර්යාංශයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදු කෙරේ.
(ඡායා බිමල් ශ්‍යාමන් ජයසිංහ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd