(සුජිත් හේවාජුලිගේ)

පෙර පැවති පාලකයන් මෙන් සදාකාලිකව බලයේ රැඳී සිටීමේ අරමුණින්  කටයුතු  නොකරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත පවසයි.

මැතිවරණයකදී ජනතාව තීන්දු කරන ඕනෑම මොහොතක ගෙදර යෑමට සූදානමින්  වත්මන් ආණ්ඩුව වැඩකරන බවද අමාත්‍යවරයා  කීය

භික්ෂූන් වහන්සේලාගේ විරෝධතාවලට පොලිසිය යෙදවීම පිටුපස තමන් සිටින බවට එල්ල වන දේශපාලන චෝදනා පිළිබඳව  මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් පවත්වන ලද සත්‍යග්‍රහයට බාධා කිරීමේ අරමුණින් ඇමති ලාල්කාන්තගේ කණ්ඩායම් විසින් පුද්ගලයන් යොමු කරන බවට එල්ල වන චෝදනා පිළිබඳව මාධ්‍යවේදීන් මෙහිදී විමසූ  අතර, ඊට ප්‍රතිචාර දැක්වූ අමාත්‍යවරයා එම චෝදනා මුළුමනින්ම ප්‍රතික්ෂේප  කළේය