(ප්‍රසන්න පත්මසිර)
බදුල්ල හිගුරුගමුව ගැලන්ඇල්පීන් වතු ගම්මානයේ සය දරු මවගේ සහ ඇගේ දියණිය ඝාතනය කර ඇත්තේ 20,000සක් නොදීම නිසා බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත. මරා දැමූ බව කියන ත්‍රිරෝද රථ රියැදුරා සොරාගත් රන් ආභරණ සහ ඝාතනයට යොදාගත් පිහිය සමග අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් පදිංචිව සිටි නිවසේ නිදි යහනේදීම පෙරේදා රාත්‍රී තියුණු ආයුධ වලින් කපා කොටා ඝාතනය කර තිබුණි.
බදුල්ල ගැලන්ඇල්පීන් වතු ගම්මානයේ නිවසක ජීවත්වු එච්.එම් රංමැණිකා (80) සහ ඇගේ අවිවාහක දියණිය වන ආර්.එම් ජයවතී (55) නැමැත්තිය ඝාතනය කර තිබුණි.
සිද්ධිය වු නිවස අසළ පදිංචිව සිටින මිය ගිය කාන්තාවගේ දියණියක් වන ආර්.එම් මිසිනෝනා (60) කැපුම් තුවාල හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල් ගතව සිටි කාන්තාව ලබාදුන් තොරතුරක් මත පරීක්ෂණ සිදුකළ පොලිසිය මෙම තරුණයා අත් අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනයේ සුළමුල එළිවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලීසිය වෙහෙස වෙලා, කැපවෙලා හරියටම වැරදිකරු අල්ලනවා. දැන් ඔය වැරැදිකරු නාකි වෙනකම් නඩුව අහලා අන්තිමය... එක්කෝ ඔප්පු කරන්න බෑ කියනවා. නැත්නම් අවුරුදු කීපයකට හිරේ... ඉතින් මිනිසුන් වැරදිවලට බය වෙයිද? රට හැදෙයිද?...
දැන් 20000 මරයි, ඉට පස්සෙ 500 මිනි මරන්න පටන් ගනි එහෙම උනත් මිනිමරුව කොහොමත් එලියෙ.
පොලිසියට ඕවා අල්ලන්න වෙලාවක් නෑ.. ජනාධිපති මන්දිරේ නාපු උන් අල්ලන්න, රෙද්දක් හොරකම් කරපු උන් අල්ලන්න තව ගොඩක් වැඩ තියනවා.
ගාලුමුවදොරට ගෙනත් ප්‍රසිද්ධියේ වෙඩි තැබිය යුතුයි.. නැතිනම් මේ කප්පම්, තර්ජන ඉවර වෙන්නේ නැහැ..!