(අංජුල මහික වීරරත්න)
විවිධ පුද්ගලයන් කුමක් කීවද අග්‍රාමාත්‍යවරයා වෙනස් කිරීමේ කිසිදු සූදානමක් නොමැති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (12) පැවසීය.
වර්තමාන අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පරිනත දේශපාලනඥයකු බව ඔහු ක්‍රියාකලාපයෙන් තහවුරු කර ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.
නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වූ තේනුක විදානගමගේ මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයේ වැඩ බාරගැනීමේ අවස්ථාවට සහභාගීවීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
රාජ්‍ය අමාත්‍යවරුන් පත්කළේ ව්‍යාවස්ථානුකූලව බවත් රාජ්‍ය අමාත්‍යවරුන්ට ලැබෙන්නේ මන්ත්‍රී වැටුපක් වන අතර ඔවුන්ට ලැබෙන වාහන ගණන පවා ඉතාම සීමිත බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය ඉන්නකන් රටට අබ සරණයි.
බොරළුගොඩ නරියා තමුන් වගේ කප්පම් කාරයින්ට නම් හොඳ ඇති... පරිණත කියන නායකයෝත් කරපු හරිය, රටට කරපු විනාසේ ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...
මෙයා නිතරම කතා කරන්නේ මන්ත්‍රී දීමනා, කජුඇට, කොස්ඇට වගේ. මොවුන්ගේ අතින් යන්නෙ නැහැනේ. වචාලකමට කියවන්න විතරයි දන්නේ. මොවුන්ගෙන් මාසයට සැරයක්... වාර්තාවක් ගන්න ඕනෑ. කරපු වැඩ පිළිබඳව සහ රජයේ මුදල් වියදම් කරපු පිළිවෙල ඔරිජිනල් බිල් සමග... රට ගොඩ ගන්න පටන් ගත්තු දවසේ ඉඳන්... ඔලුගෙඩි මාරුවෙන එක විතරයි කියවන්නේ. ඇමෙරිකාවෙන් ආපු නිලධාරිනියගෙන් උපදෙස් අර ගනිල්ලා. කොහොමද රටක් දියුණු කරන්නේ... මොනවද ප්‍රධාන උපාංග...? දුප්පත් ගොවියාගෙන් පටන් ගන්න. ඔය බඩගෙඩිය පිරෙව්වොත් තමයි මොලේට රුධිරය ධාවනය වෙන්නේ... ඔබලා දැන් වටවෙලා ගොවියාට දුන්නු ණය හොරා කන්නේ නැතිව ගොවියන්ට බෙදලා දෙන්න. තව පාරක් හොරා කෑවොත් ජීවිතේ ගැන ආසාව අතඇර ගන්න.