
(අංජුල මහික වීරරත්න)
යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා මුදල් නොමැති වීමේ ප්‍රශ්නය කැබිනට් මණ්ඩලයට සහ ජීවන වියදම් කමිටුව කමිටුවට ඉදිරිපත් කොට විසඳුමකට එළඹීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා රාජ්‍ය බැංකුවලින් ප්‍රමාණවත් පරිදි මුදල් මෙතෙක් ලැබී නැතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ද ඉකුත් 7වැනිදා අනාවරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජීවන වියදම් කමිටුව හෙට (12) රැස්වීමට නියමිතව ඇත.
ගොවීන්ගේ වී මිලදී ගැනීම සඳහා මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ දී මෙන්ම ජීවන වියදම් කමිටුවේ දී යම් එකඟතාවයකට පැමිණ බැංකු වලින් හෝ වෙනත් මාර්ගයකින් අදාල මුදල් ලබා ගන්නට සැලසුම් කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
පොහොර හිඟය මැද අමාරුකම් මධ්‍යයේ වුවත් ගොවීන් හෙක්ටයාර් පන්ලක්ෂ දොළොස්දහසක් මෙවර වී වගා කර ඇති බව සඳහන් කළ කෘෂිකර්ම අමාත්‍යවරයා රාජ්‍ය බැංකු දෙකෙන් වී මිලදී ගැනීම සඳහා මුදල් නිදහස් කිරීම තවමත් සිදුවන්නේ මන්දගාමී ලෙස බවද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් වෙන එකක් නැහැ. මේ දවස්වල අලුතින් ඇමතිකම් දෙනඑක, එයාලගේ දිමනා, වරප්‍රසාද වැඩිකරන එක පිළිබඳව මොනතරම් වැඩ තියෙනවාද?
එහෙම ඉහළ තැන් පහළ තැන්වලට කියකියා ඉන්නවා නම්, මෙයා මෙම ඇමති ධුරයේ ඉන්න එක තේරුමක් නැහැ. හැබැයි එදා නම් මෙයා කිව්වේ ජනාධිපතිගේ නියෝගයෙන් මෙච්චර මුදල් වෙන්කළා කියලා... දැන් මෙහෙම කියනවා.